86- පළිඟු දිඟහැරුම ♡

2K 190 371
                                    

'මෙන්න දැන් ලැබුන විශේෂ පුවතක් ...

පාර්ලිමේන්තු මන්ත්‍රී *** **** මහතා මීට සුලු මොහොතකට පෙර දක්ශින අදිවේගි මාර්ගයේ ඉමදූව ගමනාන්තය අසලදි අනතුරකට ලක්ව අභාවප්‍රාප්ත වී ඇත .

මිය යන විට හතළිස් පස් වියැති පසු වූ මෙතුමා සෞඛ්‍ය කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද කටයුතු කරන ලදි '

බිත්තියක් වැහෙන්න තරමට ඇති රූපවාහිනියේ දැක්වෙන බ්‍රේකින් නිවුස් එක දිහා බලන ගමන් දෙදෙනෙකු කට කොනින් සිනාසුනේ මූනට මූන බලාගන්න ගමන්

"උබ පලයන් මගේ පොඩි එකාව බලාහනින් ... මමත් දැන් මරදානෙට යනවා "

"පොලිස් නෝනව හම්බෙන්න වගේ "

කට කොනකින්ම හිනාවක් දීපු ශෙහාන් ඇහැක් ගහලා ඩුකාටියට නැග්ගේ පංචිකාවත්තට ගිහින් කවසාකිය අරන් මරදානෙට යන්න

වාහන දෙකක් චරිත දෙකක් .... එක පුද්ගලයෙකු ඇතුලේ

.
.
.
.
.
.
.
.
.

"ගුඩ්මෝනිං අක්කේ නිවුස් එක ආවද ? "

"ම්ම් ඉදගන්න "

ශෙහාන් දොර ඇරගෙන ගිහින් රෙහානාගේ ඉස්සරහා පුටුවේ වාඩි උනේ විසිල් පාරකුත් ගහන ගමන්

"කරපු පව් වලට සොබාවදහම විසින්ම දඩුවම් දීලා වගේනේ මල්ලි "

"ම්ම් ඒකනේ "

"එහෙමත් නැත්තං මාරයා ඉමදූවේ එන්ට්‍රන්ස් එක ඉස්සරහා යකඩ පොල්ලක් තියන් හිටියා වෙන්න බැරිද දේවාන් !"

මෙච්චර වෙලා අතේ පිස්ටල් එක කරකව කරකව හිටිය රෙහානා ශෙහාන්ට පිස්ටල් එක ලෝඩ් කරලා දිග් කරේ ශෙහාන්ගේ පුටුව උඩින් කකුලකුත් තියාගන්න ගමන්

"කොහොමද දැනගත්තේ DIG "

"මම අත උස්සලා DIG උනේ නෑ ගෝඩ් සන් "

පිස්ටල් එක ශෙහාන්ගේ නලලට තියන ගමන් රෙහානා හිටගත්තේ ශෙහාන් අඩුම හෙල්ලෙනේ වත් නැතුව පුටු ඇන්දට අත තියාගෙන හිනා වෙවී බලාගෙන ඉන්දෙද්දි

"ශ්‍රී ලංකා පොලීසියම පිස්සු බල්ලෝ වගේ රට පුරා හොයන අපරාධකාරයා විශ්වාස කරන්නෙත් කොහොමද මෙච්චර පොඩි එකෙක් කියලා "

පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now