60- පළඟු දිඟහැරුම ♡

2.3K 246 354
                                    

මට අන්තිම මොහොතෙත් හිතුනා මම විභාගෙට මහන්සි උනා මදිද කියලා ....විශේෂෙන් bs පේපර් එක හෙනගැහිලා යන්නම හදලා තියෙනකොට මම බලාගෙන පෝලිමට අපේ එවුන්ගේ මූනු ඇද වෙලාගිහින් ඔළුව ඩෙස් වලට ගහගත්තා ....

ඔක්කොම හරි රියල්ම දුක තියෙන්නේ සාමාන්‍ය දැනීම පොදු ප්‍රශ්න පත්තරේ අහපු අසාමාන්‍ය ප්‍රශ්න ටික ගැන ......

"මොකෝ වෙන්නේ "

"Bs ඇර අනික්වා ශේප් "

"අමතක කරලා වරෙන් බං යන්න "

මම හිටියේ එක්සෑම් හෝල් එකෙන් එළියේ ඉඳගෙන ප්‍රැක්ටිකල් දෙන්න ගිය ආරු, නුරා දෙන්නම නෑ පේන තෙක් මානෙක වත් මමයි ජොඑලයි ටවීශුයි අපේ පන්තියේ කොල්ලෝ ටිකකුයි කෙලින්ම ගිහින් ග්‍රවුන්ඩ් එකේ පත බෑ වුනේ එක වසරේ ඉඳන් මේ ඉස්කෝලේ වෙච්ච හැම සුන්දර අත් දැකීමක්ම ආයේ ආයේ මතක් කරන ගමන්

"අඩෝ උබර්ලාට ආදරෙයි වුට්ටෝ මම "

එක පාරට අපේ ක්ලාස් එකේ හිටිය කොල්ලෙක් බිම වැටීගෙන පස් කකා අඬන්න ගත්තම අපේ එවුනුත් අඬන්න හවුල් වුනේ මමයි ටවීශුයි ජොඑලුයි හිනා වෙවි බලන් ඉද්දි ..... ඔය ඕවර් ඇක්ටින් ... ඇත්ත දුක නෙමේ ඕකුන්ගේ ....

"අඩෝ අපි ආයේ හම්බෙන්නෑ නේ "

නෆ්‍රාස්ගේ නඩේ එකෙක් කියනකොට තමා මම වටපිට බල බල ඌව හොයන්න ගත්තේ .... මේ විභාගේ ඉවර වෙලා ඉන්න වෙලේ මූ තාප්පෙන් පැනලා ගියා වත්ද ... අහ් නෑ ඌ වෙනම ඉන්නවා අපේ තණකොළ අල්ලලා තියෙන පිට්ටනියේ දිගාවෙලා අහස බලාගෙන ...

මේ මුලු මාසෙම හරි අමුතුයි ... නිතර දෙවේලේ දකින එවුනුත් අමුතුයි නොදකින එවුනුත් අමුතුයි ... ඔක්කොම එවුන් අමුතුයි ..... එක්සෑම් ස්ට්‍රෙස් එක නිසා මම හරි වේගෙන් කෙට්ටු උනා සෑහෙන්න ... ටවීශ් නාහෙන් අඩ අඩ හිටියා කොන්ඩේ යනවා කියලා .... හැමදේම අසාමාන්‍යයි කියන්න ලොකුම හේතුව ජොඑල් , ටවීශ් , නෆ්‍රාස් තුන් දෙනා ..... නෆ්‍රාස්ව ගත්තොත් ඌ වෙනදට වඩා පිළිවෙළට ඉස්කෝලේ තිබ්බ අන්තිම සතියෙත් ඇවිල්ලා හිටියෙත් ඒක මීටර් උන්නෑ මට ඒ දවස් වල .... කොහොම වුනත් මේ දවස් වල උගේ කාඩ ගති යට ගහන් ඌ ඉගෙන ගන්න උනන්දු වෙලා වත්ද කියලා හිතුනා මට ....

පළිඟු හදවත ❤️( 𝗡𝗼𝗻-𝗙𝗶𝗰 )ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now