මගෙ ඇගේ පන කියන දේ නාමයක් නැත්තටම නැති උනා වගේම තව දුරටත් මට කතා කරගන්න තියා කෙලින් ඉන්නවත් පනක් නැති වෙනකොට මං බාගෙට මැරුන මලකදක් ගානට ඇදේ වැතිරිලා උන්නා...
මොන මගුලක්ද දෙයියනෙ මට මේ උනේ...මං කොහෙද මේ ඉන්නෙ....ඇයි දෙයියනේ මං එදා අනිත් පාරෙන් නොයා බේකර් වීදියෙන් හැරුනෙ....මේක මගෙ කරුමෙටම උන දෙයක්....
ඇත්තටම මගෙ ගෙදරට කැනල් පාරෙන් වගේම බේකර් වීදියෙනුත් යන්න පුලුවන් උනා...කැනල් පාරට වඩා ඔරලෝසු කණුව පහුකරන් බේකර් වීදියෙන් ගියොත් ගෙදරට ළඟ උනත් මං හැමදාම පුරුද්දට ගියේ කැනල් පාරෙ..මොකද කැනල් පාරෙ ළඟ ළඟ ගෙවල් තිබුනා...ඒත් බේකර් වීදිය පාලුවට ගිහින් තිබුනා වගේම තිබුන ගෙවල් දෙක තුනෙත් මිනිස්සු උන්නෙ නැති කොට මං කවදාවත් බේකර් විදියෙන් ගියෙ නැති උනත් එදා යාලුවොත් එක්ක ආව මං මොන කරුමෙට හරි බේකර් වීදියෙන් හැරිලා අඩි දහයක් පහලවක් ආවා විතරයි මතක....
මං ඇදෙ අනිත් පැත්තට පෙරලුනා...මට දැන් දරන්න බැරි තරම් බඩගිනි උනත් හිතේ වේදනාවටම මට කිසිම දෙයක් උගුරෙන් පහලට බැස්සෙ නැති කොට මලානික වෙච්ච ඇස් වලින් වැටුන උනු කදුළු විතරක් කොට්ටෙ තෙමුවා....
ටාං....ටාං...ටාං..ටාං...
ටාං ටාං ගාලා එක දිගට වදින සද්දයක් එක්ක මං අමාරුවෙන් ඇදෙන් නැකිටලා හිටගත්තා උනත් සතියක් යනකනුත් නොකා උන්න නිසා මගෙ කකුල් මටම වාරු නැතිව ඇදගෙන වැටුනා උනත් මට මෙතනින් ගැලවිලා යන්න මගක් හොයාගන්න උවමනාවට මං බඩ ගාගන බඩ ගාගන ජනේලේ ගාවට ගිහින් ග්රීල් එකේ එල්ලිලා වගේ කෙලින් උනා ...
ඒ අර නාකි රැවුලා...ඒ ඌයි...
ඉවරයක් නැතිවම ටාං ටාන් ගාලා සද්දයක් ඇහුනෙ වෙන කාගෙන් වත් නෙවෙ නාකි රැවුලා ලොකු දර කොටේකට ලොකූ යකඩ ඇනයක් වගේ එකක් ගහලා අර ඇනේට කුලුගෙඩියකින් ගගහන කොට ඒ කොටේ පැලි පැලි යනවා ..
අ...නේ...හ්...මමා...මාව බේර ගන්න එන්නකො මමා...මට මෙහෙ ඉන්න බයයි මමා...
මගෙ අසරන කම පාලුව තනිකම වේදනාව මේ හැම දේම පිට පිට මට පහර දෙනකොට මං මගෙ පන නැති කකුල් වලින් වැනි වැනි හිටන් ග්රීල් වල එල්ලීගන ඇඩුවා ...