එයා ඇදෙ ඉදන් දැන් දහසැරයක් මට වූශියෑන් වූශියෑන් ගෑවා ..ඒ හැම වෙලේකම එනවො එනවො ගාපු මං නියපොත්තකුත් කටෙ ගහන් බාතෲම් එක ඇතුලෙ කැරකුනා ..
එයා ඔය එන්න කියන්නෙ ඇයි කියලා මං දන්නවා ..අනෙ යොන්සෙයො...ඇයි ඔයාට ඒක අමතක උනෙ....ම්හ්ක්...මට දැම්ම බබෙක් එපානෙ..මටත් වංජියා එක්ක යුද්දෙට යන්න ඕනා ..එදා කඩුවකුත් දුන්නා.ඇයි අප්පා යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද...??ඇයි වංජියො ඔච්චර මෝඩ ?වෙනදට නම් කොච්චර රිදුනා උනත් මාත් ඒකට අස උනත් අද නම් මට එයාගෙන් පැනල යන්න ඕනා අප්පා...එයා නම් කියයි...මට බෑ තනියම දරුවෙක් එක්ක තනිවෙන්න...අනේ ඇයි දෙයියනෙ වංජියට ඇයි මේකතේරුම් ගන්න බැරි...ඇයි එයාට මගෙ හිත තේරුම් ගන්න බැරි...
කල්පනා කර කර කියන්න බොරුවක් ගොතන ගමන් මං දහපරක් විතර වතුර ෆ්ලශ් කෙරුවා ..චූ බරයි කියලා ආව මං බඩ අල්ලන් හිමින් හිමින් ඇදට නැගලා බ්ලැන්කට් එක අස්සෙ ගුලි උනා ..
වස්තුව ..
වංජියො...මට පාචනෙ ඇවිල්ලා ...ඔයාට බෝ වෙයි...
මාව ලගට ගන්න හදපු එයා දිහා බලන් කියපු මම ඉක්මනට බිත්තියට ගිහින් හේත්තු වෙලා බරට බරෙ සසරම කලකිරිල වගෙ හුස්මක් ගත්තා ....
බඩ ගිහින්ම මාව දිය වෙයිද වංජියෝ...
මගෙ මූන දිහා ඇස් හීනි කරල බලන් උන්න එයාගෙන් මම මාව දිය වෙයිද ඇහුවා...
ලගට එන්න...
ම්හ්හ්ක්..මට ඇගට උන වගේ...කලන්‍තෙටත් වගේ...
එයා මට ලගට එන්න කියන ගමන් මාව එයාගෙ ලගට ඇදලා අරගත්තා ඒ විතරක් නෙවෙ එයගෙ බරම බර කකුලකුත් මගෙ ඇගට දාගත්තා ..දැන් නම් ඇත්තටම පාචනේට වගේ අනේ...එයා උන්නෙ මගෙ පැත්තට හැරිලා වෙනකොට මම උන්නෙ උඩ බෙලිඅත හැරිලා ...එයා මගෙ දිහා ඇහි පිල්ලමක් නොගහා බලන් ඉන්නකොට මම හොරෙක් වගෙ එයාගෙ ඇස් මග ඇරලා වට පිට බැලුවා ....
මොන ජරාවද කටේ ඔබා ගත්තෙ.....
ඈහ්හ්...
........
මොනාද වංජියෝ....ආ..මොනාද ඔයා ඇහුවෙ .....
මොන ජරාවද කටේ ඔබා ගත්තෙ කියලා ඇහුවෙ කන ඇහෙන්නෙ නැද්ද.