වංජියා...ඔයා මාව තකහනියෙම එක්කන් ආවෙ මේකටද අනෙ....
මම උන්න එයාගෙ අත් ගොබේට හේත්තු වෙලා නෙලුම් මල් පිරුන විලට කකුල් දෙක දාන්...සීතල වතුර කකුල් වල වදිනකොට සනීපයක් ගෙනාවා..දැනට මේවා මෙහෙම තියෙයි....තව ටික දවසකින් පිට්ටු ගෙඩි වගේ ඉදිමේවි නෙ.....අනේ එතකොට ඉතින් මගෙ වංජියටනෙ කරදරෙ එයා එතකොට මට ඇදෙන් බහින්නවත් දෙන්නෙ නෑනෙ...එයා බහින්න දෙන්නෙ නැ වගේ තමා පහු පහු වෙනකොට ඇගට හරි අමාරුයි....ඇග බර වෙනකොට බඩ බර වෙනකොට එක අතකට නිදාගන්න බැරි වෙනකොට ඇගට හරි තෙහෙට්ටුයි....
මම එහෙම්ම එයා දිහා බැලුවා...එයා මට සැප පහසුවට ඉදගන්න දීලා ඔහේ ඉන්නවා...ඒක එයාගෙ හැටි...කොහොමත් එයාට මම නැතිව ඉන්නම බෑ...එහෙම නේන්නම් ඉතින් ආදරේ කරනකොට ...
වස්තුව අපි යමුද....
ම්ම්ම්ම්
එයා මටකලින් නැකිටලා මට නැකිටින්න උදව් කෙරුවා...මොන දේ උනත් මට ජින්ගියා නැතුව පාලුවක් දැනුනා...සියන් හැමදාම වංජියා එක්ක යනකොට මොන දේ උනත් මට ඉතුරු උනේ ජින්ගියා විතරයි ....දත් ඇන්දම තියාගනත් නාහෙන් අඩන ජින්ගියා හැමදාම අපේ පොඩි වවුලා සියන්ගෙ කුනුකුනුව මැද කොහොම හරි චුච්චු පස්සෙ දිව්වා...මොනවා කරන්නද අනේ මගෙ ලමයනෙ ඉතින්......පව්නෙ...අනික මේ වන්ජියට කැත වැඩ කරන කොට එහෙම කරන්න හොද නම් ජින්ගියා බිව්වම මොනවා වෙනවද..
වන්ජියා.....
..........
මාවත් අතින් අල්ලන් හිමින් හිමින් යන වන්ජියට මම කතා කෙරුවා....ඔයාලා දන්නවනෙ අනේ අපේ එක්කෙනාගෙ හැටි.....ගොලුයි...අනේ මන්දා මේ ළමයත් ගොලු උනොත් මටනම් තේරෙන්නෙ නෑ අනේ...මේ මනුස්සයා ඇයි මෙහෙම හැසිරෙන්නෙ කියලා ...
වංජියෝ....
...........
ලං වන්ජී....
..........
හන්ගුවන්ජන් ..
............
මිනිහො.....
ම්න්...
ආ...හරි ශෝක්......හරිම ශෝක්...හොද සෙල්ලම නේ....ඇයි අනේ බලන්නකොමේ මනුස්සයට මම කීයෙ ඉදලද දැන් කතා කරන්නෙ....මේ කාලෙට වැඩිය කේන්ති ගන්නත් හොද නෑ අනේ...මාවම ලෙඩ කරනවා..ඔයාට කියන්න අනේ ලමයිගෙ වැඩයි මේ මනුස්සයගෙ වැඩයි කරන එකම ඔලුවට කොච්චර ලොකු බරක්ද ඈ....
