ව....න්....ජි.....දැන් ලගයි...
එක විදිහකට ඉන්නම බැරි මම ඇබරෙන්න වගේම එයාගෙ කොන්ඩෙන් අදින්න බොරූවට කෑ ගහන්න ගත්තා වගේම ඊලගපාර නම් එයා ලගයි කියනකොට මම මගෙ අලුත් සූට් එක හදාගන එයා සමනල ගැටයක් දාලා ගැට ගහපු කොන්ඩෙත් අත් වලින් හදන් කකුල් දෙකත් දෙපැත්තෙන් උස්සලා බැලුවා...
මම ලස්සනට ඉන්න එපැයි!!!!!
වංජියෝ...
ම්න්..
මං ලස්සනයි නේ වංජියෝ....
ම්න්..
අම්මො...පුදුමයි...පුදුමයි කියන්නෙ පුදුමෙනුත් පුදුමයි ඔව් කිව්වා...අනේ එයා ඔව් කිව්වත් නෑ කිව්වත් මම හුරතල් වගේම ලස්සනයි තමා...අනික...මම ලස්සන නිසානෙ වංජියත් මට කැමති උනේ...ඒකනෙ මාව හොරකන් කරන් ආවෙත්....ඒකනේ...හොරකන් අරන් එන්න තරමට මම ලස්සනයි....ම්ම්ම්ම්....ඌ....ඔන්න මම කැත කොල්ලෙක් උනා එයා කාවදාවත් මා එක්ක යාලුවෙන්නෙ නෑනෙ නෙ අනෙ...ඒකනේ..ක තමා..ඒ උනාට මමාලා දැනගත්තොත් මම එයාගෙ නෝනා කියලා..අයියෝ..මොනවා නොකියයිද ..බැරිද දන්නෙ නෑ නෝනා නොකියා මහත්තයා කියන්න..ඒත් ඉතින් එයාම කිව්ව්නෙ එයාලා හැමෝම මා දිහා බලන්නෙ මම එයාගේ නෝන විදිහට තමා කියලා නේ..ඒකනෙ ඉතින්...මොනවා කරන්නද...
එයා අපි දැන් ලගයි කියපු නිසාම මම එයාගෙ ඇගට හේත්තු වෙනකොට මෙච්චර වෙලා යනකන් සද්ද බද්ද නැතිව උන්න එයා මගෙ කම්මුලකට හාදුවක් තියලා මාව අත් දෙකම්ම තුරුල් කරගත්තා ..දැන් zසෝයා දුවන්නෙ තනියම...එයාගෙ අත් දෙකම තිබුනෙ මගෙ බඩ වටේ එතිලා වෙනකොට එකම පිම්මෙ දුවන් ආව zසෝයා කදු ගැට්ටක් උඩ නැවතුනා...
වංජියෝ....
කදු පාමුල තැනිතලාව දැකපු මට ඉබේමව වංජියො කිය උනා...
වස්තුව...
මේ කොහෙද වංජියො අපි ඉන්නෙ...
"අයියනාප"
එයා මගෙ උරහිස උඩ එයාගෙ නිකට තියන ගමන් "අයියනාප" කිව්වා...ඇත්තටම අපි උන්නෙ කූඩාරම් පිරුන ගම්මානයක කිව්වොත් පිලිගන්නවද....රතු ඉන්දියානුවන්ගෙ වගේම ජනපදයක් උඩ අපි නැවතිලා උන්නා...