24වන කොටස🖤🖤

2.8K 512 160
                                    

අනෙ..වංජි....යො..මගෙ...ඔලුව...ඔලුව....පැලෙන්න වගේ...කැක්කුමයි....

හරි...හරි....කො එන්න වස්තුව..

එයා ආයමත් මාව ඇදෙන් හාන්සි කරවලා මගෙ ඔලුව හිමින් හිමින් අතගාන්න ගත්තා ...ඒ දිග ඇගිලි මගෙ හිසකෙස් අස්සෙන් යන වාරයක් ගානෙම මගෙ ඇස් වලින් කදුළු වැටුනා වගේම මට එයාගෙ වේදනාවෙන් මිරිකුන මූන පේන්න ගත්තා වගේම එයාගෙ හිතේ දුක මට මගෙ පපුවට දැනෙන ගන්න කොට මම එයාගෙ පපුවට අත තිබ්බා...

එදා මෙතන ගොඩක් රිදුනද මගෙ වංජියෝ....

මම එයාගෙ හදවත පැත්තට අත තියලා මෙතන ගොඩක් රිදුනද අහනකොට මොකුත් නොකියම ඉදපු එයා,එයාගෙ හදවතට තියපු මගෙ අත එයාගෙ ලොකු වගේම රලු අතට පටලවන් පිට අල්ලට හාදුවක් තිබ්බා...

ඒක ආය වෙන්නෙ නෑ....ආය කවදාවත් වෙන්නෙ නෑ....

මට දුකයි...මාව තුරුල් කරගන්න..මට බයයි...ඒ හැම තැනම රතු පාටයි.. ඒ හැම තැනම ලේ ගදයි...අනෙ...මට බෑ...මට බෑ...මට බයයි...උන් මගෙ පස්සෙන් එනවා.. මගෙ...මගෙ පස්සෙන් එනවා....මාව අල්ල ගන්න මගෙ පස්සෙන් එනවා...උන්ට මන්බයයි...මාව හංගන්න...අනේ...මාව...මා...ව...හංග..ග්න්න...ව්ව්....වංජි...යොහ්...මමා...මමා....මාව...මාව...හං...ග...ග.....හ්හ්

වුශියෑන් ....වූශියෑන් මගෙ වස්තුව .....ඒක හීනයක්...හීනයක්....ඒක...හී...ණයක්....හීනයක්....

මම මට බයයි කියලා අත් දෙකෙම්ම මගෙ ඔලුව බදාගන කෑ ගහනකොට එයා මාව තද කරන් තුරුල් කරගත්තා වගේම මට හෙලවෙන්න වත් බැරි වෙන්න මාව යට කරගත්තා...

ශ්ශ්...දැන් හරි...ආය එහෙම වෙන්නෙ නෑ...ආය එහෙම වෙන්නෙ නෑ.....මන් ඉන්නව...ආය එහෙම වෙන්නෙ නෑ....

එයා හිමින් සැරේ ආය එහෙම වෙන්නෙ නෑ කියන ගමන් මගෙ ඔලුව අත ගානකොට  මං හොරෙන් හොරෙන් ඉකි ගහන ගමන්  එයාගෙ උරහිසට නලල තියා ගත්තා ...

දැන් උඹට තේරෙනවද වස්තුව මං විදපු වේදනාවෙ තරම ...දැන් උඹට තේරෙනවද ඒ හැම දේම මගෙ ඇස් ඉස්සරහ නැතිවෙනකොට මට දැනුන වේදනාව ...හැම රෑකම එකම හීනයක් දැක දැක විදෙව්ව තරම...උඹ අද ඒවි හෙට ඒවි කියලා බලන් උන්න මගෙ ඇස් වල වේදනාව ..මට කියපන් වස්තුව මං උඹට මෙහෙම රිදවන එක වැරදිද...මං උඹව මෙහෙම තලන එක වැරදිද...මගෙ වේදනව තරහකට පෙරලෙන එක වැරදිද..මගෙ ආදරෙ වෛරෙකට පෙරලෙන එක වැරදිද මගෙ වූශියෑන් ....මං උඹව රිදවන්නෙ නිකන් නෙවෙ .. ...මට මගෙ වේදනාව උහුල ගන්නම බැරි තැන ඉදන් මං උඹට වෛර කරන්න පටන් ගත්තා ...හැබැයි එ උඹ මැරෙන්න ඕන කියලනම් නෙවෙ...උඹ  උඹට වත් දරා ගන්න බැරි තරමට මට ආදරෙ කරයි...හරියටම මං උඹට ආදරේ කෙරුවා වගෙ ...උඹ උඹව දාල යන්න එපා  කිය කිය වැද වැටෙයි හරියටම මං උව ගාව වැද වැටුනා වගෙ...මං උඹට ආදරෙ කොයි තරම් ද ඒ තරම්ම මං උඹට රිදවනවා වූශියෑන් ....එතකොට  උඹ ආය ආයම කවදාවත්  ඒක කරන එකක් නෑ....

W  R  O  N  G      T U R N ....(WANGXIAN  COMPLETED  )Where stories live. Discover now