මං බේරගනියෝ කියලා කෑ ගහන් අත් දෙකත් උස්සන් කුසියෙ දොර ගාවට දුවලා හැරිලා බැලුවා...ඒත් එයා මාව එලවන් ඇවිත් තිබුනෙ නෑ..එයා ඒක මගෙන් අහලා ආයම පාරක් අර ලොකු දර ලිප ගාව බිම ඇනතියාගන වගේ ලිපට හුලන් ගහනවා...පව් අනේ....
වන්ජියෝ....
මම එයා ගාවට ගිහින් කොන්ද ගාවට හේත්තු උනා එයා "ඇයි" කියලවත් "ම්න්" කියලවත් ඇහ්වෙ නෑ හැබැයි මම දන්නවා එයා මං කියනදෙ කවදාවත් අහන් නැතිව ඉන්නෙ නෑ කියලා.....
ඒවා කෝ වංජියො...ඔයා ඒවා විසි කරාද...
වාහනේ ඇතුලේ..
එයා මා දිහා නොබලා ලිපට හූක්ක්ක්...ගාලා කටිනුත් පිඹින ගමන් වාහනේ ඇතුලේ කිව්වා...ඒකියන්නෙ එයා ඒවා වීසි කරලා නෑ....පව් එයාගෙ හිත රිදෙයිනේ නේද..මං ඒ ඔක්කොම පැල කරනවා...පැල කරලා...ලොකු සුදුළූනු වගාවක් දානවා....ඊට පස්සෙ හැමදාම උදේට නැගිටලා වතුර දානවා...දවසින් දවස ගස් ලොකු වෙලා....සුදුළූණු වගාව දියුනු වෙනවා.....ඊටපස්සෙ මමම ඒවා ගලවලා ඒ ඔක්කොම ගෝනි වලට දාන් ගිහින් විකුනනවා.... ඊට පස්සෙ මට ඒ වලින් සල්ලි හම්බෙනවා....මං ආයම පැල කරනවා...ආයම විකුනනවා...ආයම..ආයම...ආයම ගියහම..මේ මුලු පලාතම සුදුළූනු ලෝකයක් කරනවා...වංජියට ෆුල් ෆේස් හෙල්මට් එකක් අරන් දෙනවා තනි රත්තරන් වලින් හදපු එකක් එතකොට හචින් යන්නෙ නෑනෙ...නැත්තන් මගෙ වංජියා පව්නෙ..එයා මටත් හෙල්මට් එකක් අරන් දුන්නනේ...ම්ම්ම්ම් අම්මො..සල්ලි ගොඩායි...ම්ම්ම්...තව බූරුවෙකුත් ගේනවා ...බූරුවෙක් ඇයි???හේතුවක් ඕනෙද බූරුවෙක් ගේන්න...නෑනෙ මල විකාර...නෑනෙ බූරු කෙලෙක් ගේනවා ...එතකොට කලුවා බූරු කෙල්ල එක්ක යාලු උනාම මගෙ සුද්දියට කෙල හලන්නෙ නෑනෙ...ඊට පස්සෙ උන් දෙන්නට පැටියෙක් හම්බවෙනවා...ඒත් ඒ හම්බවෙන්නෙ මොකෙක්ද ???
වංජියෝ...
ම්න්...
බූරුවා ඉන්නවා නේ...
ම්න්..
එතකොට අශ්වයත් ඉන්නවනෙ...
ම්න්...
උන් දෙන්නට හම්බෙන්නෙ මොන පැටියෙක්ද වංජියෝ ....මං අහන්නෙ...උන් දෙන්නත්..අර අරක කෙරුවම....අර....අපි..දෙ.. න්නා..කරන්නෙ.....ඒක....කර...පුවාම...හම්බෙන්නෙ මොන ලමයෙක්ද ආ වංජියෝ...