21වන කොටස🖤🖤(bonus )

2.8K 541 187
                                    

තටු නැතුවම උඩින් පියාඹපු මාව තනකොල ගොඩෙ බම්ප් වෙලා වැටුනා වගේම මං අත් දෙකෙම්ම මගෙ පපුව මිරිකගත්තා ...පස්සත් ඇනුනා...පස්ස.අල්ලන්නද...පපුව අල්ලන්නද හිතා ගන්න බැරි මම වැඩියෙම්ම රිදෙන තැන පපුව අල්ල ගත්තා .....

ආව්හ්....ම්හ්ක්.....රිදෙනවනේ....

කලුවට පුලුවන් තරම් සාප කරන ගමන් මං හිමින් සීරුවෙ  ඔලුව උස්සලා කලු කුමාරයා දිහා බැලුවා ..දැක්කා නම් ඉවරයි  ...මගෙ කන යාරක් විතර දික් වෙන්න අදී...නැත්තන් ඔලුව පෙනේරයක් වෙන්න ටොකු ඇනලා හිල් කරයි...මට රිදුනනෙ.....මට දැන් අඩන්න ඕනානෙ..නැත්තන් රිදෙනවා වැඩී...

මං එහෙම්ම මූනින් අතට හැරිලා තනකොල ගොඩෙ මූන ඔබාගන හොරෙන් අඩන්න පටන් ගත්තා ..මට රිදෙනවා ...ම්හ්...ක්...මෙතන ඉදන් හරියට  අඩන්නත් බෑ එයා අඩනවා දැක්කොත් ඇයි අඩන්නෙ අහනවා ...අඩන්න හේතුව කිව්වම ආය ගහනවනෙ..මං ගැරඩියෙක් වගෙ බිම දිගෙ තනකොල අස්සෙන් බඩගාගන බඩගාගන එයාගෙන් දුරටම ආවා ...ඒ ඇවිත් හාවෙක් වගෙ තනකොල  පඳුරු අස්සෙන් බෙල්ල එලියට  දාලා එයාව පේනවද බැලුවා ..ම්ම්හ්ක්...නෑ...කැත කලුවත් නෑ..

ඈ...............හ්....හ්හ්හ්හ්...ඈ......

මං අරූගෙ ලාඩම් පාර වැදුන තැන අත් දෙකෙම්ම අල්ලන් අඩන්න ගත්තා වගේම  අඩන ගමන් රොබ් එක වගේ තිබුන ගවුම්පලු දෙක ඈත් කරලා බැලුවා විතරයි මට ඒ වේදනාවට වඩා නිල් වෙච්ච පාර දැකලා  ඊට වඩ හයියෙන් ඇඩුනා ...දැන් මේක දැක්කොත් මගෙ වස්තුව කියලා ආයම ගහනවා .....

මං ආයමත් කෑ ගහලා අඩන්න ගත්තා එයා මෙච්චර කල් ගහපු හැම පාරම අල්ලලා ඇඩුවා ...එයා කනෙන් ඇදපු හැම පාරම අල්ලලා ඇඩුවා ...මතක් වෙන මතක් වෙන හැම දේම අල්ල අල්ල ඇඩුවා...

මමා.....

මට අම්මව ඕනනෙ....මට ආයමත් අම්මව මතක් උනා වගේම  එයා මං නැතිව අසනිප වෙලා ඇති කියලා හිතාගන මං ඇඩුවා .....අවසානෙදි අඩලා අඩලා හොටු වලින් නහය බ්ලොක් වෙලා හෙම්බත් වෙලා මං එහෙම්ම මගෙ පිට අල්ලෙන් කදුළු වගේම  නහය පිහදාගන ඔලුවට යටින් අත් දෙක තියන් නිල්පාට අහස දිහා බලන් උන්නා ....

මට බඩගිනීනෙ.....මමා උන්නා නම්...එයා මාව බඩගින්නෙ තියන්නෙ නෑනෙ....මට කන්න නැතත් කමක් නෑ මමා හොදින් නම්...මට එයා කොච්චර රිදෙන්න ගැහුවත් කමක් නෑ...පපා හොදින් නම්...කලුවා කොච්චර ඉහි ඉහි ගෑවත් කමක් නෑ...අයියා ....නෑ ඌ ඉතින් මට ආදරේ නෑනෙ...නෑ ඒ උනාට ඌ ආදරෙත් ඇති අප්පා...ඌත් අතක් පයක් කඩන් හරි හොදින් ඉන්නවා නම් මට මොනවා  උනත් කමක් නෑ....

W  R  O  N  G      T U R N ....(WANGXIAN  COMPLETED  )Onde histórias criam vida. Descubra agora