51වන කොටස🖤🖤

2.3K 452 153
                                    

යොන් වෙයි.....??

මගෙ වංජියා එයාගෙ නම යොන් වෙයි කියන කොට මම එයා දිහා බැලුවා...ආපෝ..මූනෙ හිනාව කලදක්වත් නැති මුස්පේන්තු පරිප්පුවෙක්....යොන්සෙයා වගේ නෙවෙ...ඒ මූන වංජියට හපන් නපුරු පාට වෙනකොට මම වංජියාගෙ පිටිපස්සෙ හැංගිලා ඇගිලි තුඩු වලින් ඉස්සිල එයාගෙ උරහිස් උඩින් ඇස් දෙක දැම්මා....එයා එතන ඉන්න නයිට් සෙබළුන්ට මොන මොනවදෝ ගිරිය පුප්පන් කෑ ගහනකොට එයාලා සීරුවෙන් උන්නා...ආයම පහසුවෙන් උන්නා...අතේ තිබුන අසිපත් එක එක විදිහට එහා මෙහා හැරෙව්වා...බලන්න එපැයි ඒකෙ කැටයම...

වස්තුව ....තවම මූන වත් හෝදල නැතුව නේද මේ කුනු කෙල පෙරන්  එහෙ මෙහෙ දුවන්නෙ...

ඇ..මගෙ කට දෙපැත්තෙ මොනව හරි වැදිලා තියනවද වංජියෝ....ඈ....හ්...

............

කියන්නකො ඒයි...

...........

හෑ....යියා අනේ.... එයා කිව්වනෙ මම කුනුකෙල පෙරන් දුවනවා කියලා...අනේ බලන්නකො අනෙ මගෙ කට දෙපැත්තෙ මොනවා හරි තියනවද කියලා....ම්ම්හ්ක්....ලැජ්ජහේ බෑ අප්පා...අපේ එක්කෙනත් කිව්වොත් ඔයවගේ කතාවක් තමා කියන්නෙ බලන්න්න මෙච්චර මේ වැඩ රාජකාරි අස්සෙ කිව්වනෙ කුනුකෙල පෙරන් දුවනවා කියලා......ම්ම්හුක්...අනේ...මන්දා...

මම එහෙම්ම මගෙ කට ගවුම් අතෙන් පිහාගන එයා දිහා බැලුවා ...

ඒයි...මේ අනේ තවම තියනවද....

.........

බලන්නකො අනෙ....

........

මම එයාගෙන් කට වටේ තවම තියනවද අහන ගමන් පිහනකොට එයා කට තද කරන් ඉදලා එහා පැත්තට හැරුනා ....එයා හොරරෙන් හිනා වෙනවා....හා....හරිශෝක්.....හරිම ශෝ...ක්...හොද සෙල්ලම ..ඒ පාර එයා මාව විහිලුවට ගත්තද   අනේ...අනේ...බලන්න මේ මේ මනුස්සයා වගේ එකෙක් නම්....මම එහෙම්ම එයා ඉස්සරහට පැනලා පපුවට අත් දෙකෙන් හිමීට පාරවල් දෙක තුනක් ගැහුවා...

නෝටියා ...අපේ මහත්තයා...ඔයා නම් අනේ මන්දා අනේ.. විහිලු කරන්නත් පටන් අරන්...පිස්සු කොල්ලා...

මම එයාගෙ පපුවට හිමින් පාරවල් දෙක තුනක් ගහලා එයාගෙ පපුවට ඔලුව ගහගත්තා  .ඒ උනාට යකඩ කදක් ඇදන් උන්න එයාගෙ පපුවෙ රස්නෙ යකඩ කද හොරකන් කර  තියනකොට එයා මගෙ ඔලුව චුට්ටක් අත ගාලා මාව පැත්තකට කෙරුවා...

W  R  O  N  G      T U R N ....(WANGXIAN  COMPLETED  )Where stories live. Discover now