ඌයියා.....හ්ක්ක්ක්..
මම ඔලුවත් කස කස ආයම පිටිපස්ස බලනකොට එයා රවාගන මා දිහා බලන් උන්නා වගේම ඒ ඇස් ඊලගට හැරුනෙ මගෙ අත දිහාවට වෙනකොට කලුවගෙ කොන්ඩා ගස් ගොඩක් අතේ තිබ්බ මම ඒකත් දාලා අත් දෙකත් උස්සන් කෑ ගහන් දිව්වා ....ඒත් ...කොච්චර දිව්වා උනත් මම දුවන්නෙ එකම තැන කියලා තේරෙනකොට මම ආයම හැරිලා බැලුවා...එයා මගෙ ගවුම් කොලර් එකෙන් අල්ලන් මා දිහා බලන් උන්නා....
මෝඩයා ....ඇයි ඌට උගෙ පාඩුවෙ ඉන්න දෙන්නෙ නැත්තෙ ...
ම්හුක්....ඌ මාව ගනන් ගන්නෙ නෑ....ඌ බලන්නෙ ඔයා දිහා විතරනෙ ...
පිස්සු..
එයා මට බැන බැනම මාව උස්සලා උඩින් ඉන්දෙව්වා වගේම එයත් නැගලා ඉදගත්තා ...
අපි දැන් කොහෙද යන්නෙ..
.........
හුගක් දුර යනවද....
........
අදම අපි එනවද...
........
අපි ඔයා කියපු අර ගමන වෙන්න ඇති නේ මේ යන්නෙ...ඒක තමයි අනික හුගක් දුර යන්නෙ නැත්තන් පයින් යන්න පුලුවන්නෙ නේද...අනික අපි අද එන්නෙ නැතුව කොහොමද ආයම හෙට ගෙදර යන්නෙ නේ...ඒකනෙ....ඒක හරි...මම හිතුවා හරි...ම්ම්ම්....
.........
වංජි....වං....ජී.....වංජියෝ.......වංජි...බ්‍රෝ....වංජි කොලුවො......ලන් වංජී!!!!
මොකද....
ඒ. ..ඒ....ඒ...ඉතින්....ඔයා ඔහොම බලන්න එපා..මං දැන් හුගක් වෙලා කතා කෙරුවනෙ...ඔයානෙ ඇහුන් නෑ වගේ උන්නෙ....ඒකනෙ මාත් කෑ ගැහුවෙ...ඔයාට ඕනා නම් මටත් කෑ ගහන්න...කමක් නෑ..
එයා ඔහොම්මමයි...මම එයාගෙන් ප්‍රශ්න සීයක් ඇහුවත් එක්කො "ම්න්" ගානවා...නැත්තන් ඇහුන් නෑ වගේ ඉන්නවා...නැත්තන් අර ලොකු දත් වලින් මට විලිස්සනවා එහෙමත් නැතිනම් එයා ඒ ඔක්කොටම හරියන්න ඇදලා අරිනවා මගෙ ඔලුව හිල් වෙන්න...මහ ඕන් නෑ...
මම එයාගෙන් අහපු හැම ප්‍රශ්නෙටම මමම උත්තර දීලා කටවහන් ඉස්සරහා බලන් සෑදලෙන් චුට්ටක් ඉස්සරහට රූට්ටලා කලුවගෙ උරහිස් ගාවට වෙලා ඔහේ බලන් උන්නා වගේම ඌ අලි ඔලුවෙන් හිමින් සීරුවෙ යනකොට මම ලාවට වැනෙනෙ කොන්ඩෙ දිහා බලන් උන්නා....