ඔයා තව කනවද ...
මං උන්නෙ එයාගෙ කලවකෙට ජැක් එකක් ගහන් ඇගට හේත්තු වේගන වෙනකොට එයා මගෙන් ඇහුවා තව කනවද කියලා ...අනේ ඉතින් මෙතන තියෙන්නෙ පුච්චපු අලයි තම්බපු ඇටයි තවත් ඔය නමක් නොදන්න අල ජාති ගොඩක් එක්ක මී පැනි වල ගිල්ලපු වේලුන මස් නෙ.....මේවා කන්න පුලුවන්ද අනේ..මට ඕනෙ දැවිල්ලට කන්න මෙහෙම සුදු පාටට කන්න බෑ. .ඒත් දැන් ඕක කියන්න පුලුවන්ද අනෙ අපේ වංජියගෙත් පුදුම නීති ගොඩක්නෙ තියෙන්නෙ...අඩුම ගානෙ ලූනු ගෙඩියකුයි කෑලි මිරිස් ටිකක්...සුදුලූනු ජූන්ජියක් එක්ක ඔලිව් තෙල් ටිකක් තිබ්බා නම් මේ තම්බපු ඇට තෙම්පරාදු කරගන්නවත් තිබ්බා...
ඔව්වා කියන්න ගියොත් මගෙ ඇට ගලවගනී...ඇත්තටම ඔයාලගෙ මහත්තයත් එහෙමද අනෙ..මෙහෙම ඇල්වතුරද කන්න දෙන්නෙ...??මට නම් වෙලාවකට එන කේන්තියට වංජිව කෝටු මස් කරන්න හිතෙනවා අනේ ඇත්තමයි අප්පා..
මං එහෙම්ම වංජියා දිහා බැලුවා ..
වංජියො...මට පොඩි උදව්වක් කරන්නකො...
........
අනේ මාව මෙයාලගෙ කුසියට එක්ක යන්නකො ..මට මේවා කන්න බෑ...ඇල්වතුර වගෙ වංජියා...බඩත් ගිනි...ඒත් කන්නෙ කොහොමද ...අපිට හෙට ඉගන ගන්න තියෙනවා නම් අද රෑට හොදට කන්න ඕනා එතකොට තමා වංජියො...මොලෙ තියන නියුරොන වලට හොදට ශක්තිය හම්බෙන්නෙ ...ඔයාට තේරෙනවනෙ...නේද වංජියෝ...ආ වංජියො..
අනේ මෙ වවුලා දන්න නියුරෝන..හුහ්...අනෙ ඇත්තමයි අනෙ එයාට කියලා දෙයක් කරගන්න එක අනේ ඉබ්බගෙන් පට්ටයක්ද මොකක්ද ගන්නවට වඩා අමාරුයි ..නිකන්ද අනේ ඉබ්බා දියට දානකොට දැන් නෑවෙ කියන්නෙ ඉතින්...
මං වංජියා දිහා බලන් ඉන්නකොට එයා මගෙ දිහා බලලා ඔලුව චුට්ටක් අත ගෑවා ...
ඕ...පුදුමයි...ඇයි දන්නෙ නෑනෙ එයා අද මට ආදරේ කරන්න පටන් අරන් තියෙන්නෙ...මේ මනුස්සයා මෙහෙම චාටුවෙන් ඉන්නෙ මං කිව්වත් වගෙ මං ලව්වා ලැට් වලවල් වත් කපා ගන්න ඉන්නවද දන්නෙ නැ.......
මොනවද ඕනෙ?
ආ...හ්...ආඅ.....වංජි...යො...
මොනවද මගෙ වස්තුවට ඕනේ....