17වන කොටස🖤🖤

2.4K 536 144
                                    

වූශියෑන් ......වූශියෑන්....

මම උන්නෙ තවමත් එයාගෙ අර උනුසුම් තටු දෙක අස්සෙ වෙනකොට මට හීනෙන් වගේ එයාගෙ කටහඩ ඇහුනා වගේම එයා මගෙ වස්තුව කිය කිය හිමින් හිමින් මූන අතගාන ගමන් කියන ඩ්ගේඅහන් උන්නා උනත් හැම දේම යට කරන් ආයමත් අර ගෑනිව මතක් වෙනකොට මගෙ හිතට වේදනාවක් දැනුනා වගේම මගෙ ඇස් වලින් කදුළු කඩා වැටුනා එක්කම මම ඇස් ඇරියා....

ඇයි ආවෙ...

......

මම.. එච්චරයි ඇහුවෙ ...ඇයි ආවෙ ..

උඹ කොහොමද මගෙන් ඈතට අවෙ....ආ...මගෙන් කිසිම අවසරයක් නැතුවම....කියපන්...උඹ කොහොමද ආයම මේ හිතුවක්කාර කම කෙරුවෙ....

ඒකට හේතුව ඔයා ගාවම තියනවා වංජි....

මම කිසිම වෙනසක් පෙන්නන්නෙ නැතිවම එයාගෙ මූනට කෙලිම්ම නම කියනකොට එයාගේ ඇස් ගැස්සිලා ගියා වගේම සෑහෙන්න වෙලා මා දිහා බලාගන උන්නා...

එහාට වෙන්න....

මම මගෙ ඉන වටේ තිබුන එයාගෙ අත බලෙන් වගේ අයින් කරලා බැරි බැරි ගාතෙ නැගිටලා හිට ගත්තා උනත් ඊලග තත්පරේම මාව ඇදගන වැටෙනකොට මගෙ ඔලුව ගල්පොත්‍තෙ වැදෙන්නෙ නැතිව යන්න එයා මගෙ ඔලුව පිටිපස්සට අත තිබ්බා...

රිදෙන්න ඕන තැන හොදටම රිදිලා තියෙනකොට ඔලුව පැලුනා කියලා මොකුත් වෙන්නෙ නෑ...වැඩිම උනොත් ඔලුවට ලේ බැහැල මැරිලා යයි ඒක සැපයි...

මොකක්ද උඹ කිව්වෙ ..මොකක්ද ....මොකක්ද උඹ කිව්වෙ වූශියෑන් ...ආය කියපන්...ආයම කියපන්....මට ආයම කියපන්....

මම මැරිලා යයි කියනවා එක්කම එයාට ආයම තරහා ගියා වගේම ඔච්චර තුවාල වෙලා ඉන්න මගෙ කම්මුල් දෙපැත්‍තම එයා කැඩිලා යන සයිස් මිරිකගත්තා වගේම මගෙ බෙල්ලෙන් අල්ලන් මාව නැකිට්ටවලා ගල් පොත්ට තද කෙරුවා ...

අයම කියපන්.....ආයම....ආයම ඒක කියපන් වූශියැන්....ආයම කියපන්...ආයම....

එයා ආයම කියපන් කියන වාරයක් ගානෙම මගෙ මූනට එබුනා වගේම එන්න එන්නම මගෙ මූන මිරිකනකොට වේදනාව දරා ගන්න අමාරූ උනත් මම කතා කෙරුවා ...

ඇස් දෙකෙම්ම දකින්න ඕන දේ මම දැකලා ඉවරයි..මං ගාව එක විනාඩි පහක් ඉන්න බෑ කියපු ඔයා ගෑනියෙක් තුරුල් කරන් ඉන්නකොට මට මොනවද හිතෙන්නෙ...මට රිදෙන්නෙ නැද්ද....ආ..මගෙ පපුවට රිදෙන්නෙ නැද්ද...ආ..මට රිදෙනවා..මට රිදෙනවා...මට උඹ හැම වෙලේම රිදවනවා...ඇයි බලන් ඉන්නෙ මරපන්...මරපන් මාව...ඇයි මාව හොයන් එන්නෙ...මරලා ඉවර කරපන්....උඹ මට වෛර කරන්නෙ කොයි තරම්ද එ තරමට වද දීලා මාව මරපන් වංජි....ඇති...මේ හොදටම ඇති....ඇයි බලන් ඉන්නෙ ගහපන්...ගහපන්...මට..ගහපන්....උඹ කරන්නෙ ඕකනෙ...ගහපන්...උඹ මාව රැවැට්ටුවා ....උඹ මට වංචා කෙරුවා...උඹ මට ආදරෙයි කිය කිය මාව රැවැට්ටුවා ....උඹ මගෙ හිත කැඩුවා ....බොරු කාරයා....උඹ බොරු කාරයෙක් වංජී.....

W  R  O  N  G      T U R N ....(WANGXIAN  COMPLETED  )Onde histórias criam vida. Descubra agora