32වන කොටස🖤🖤

2.4K 472 221
                                    

ම්ම්හ්.....ක්ක්ක්ක්ක්..ම්ම්ම්...

ඊයෙ වෙච්ච දේවල් වලින් අවසාන හරිය මොකද උනේ කියලා නොදන්න මම කෙදිරි ගාගනම නැකිට්ටා ...එයා පොවපු ගුලියට පින් සිද්ද වෙන්න මට ඇගපතේ අමාරුවක් දැනුනෙ නැති වෙනකොට  මං මගෙ ඇස් කරකවලා වටේම බැලුවා...මුලු රැයක් එලිවෙනකන් සුවද ගගහා එලිය බෙදපු ලැවැන්ඩර් ඉටිපන්දම් ඔක්කොම දියවෙලා ගිහින් තිබුනා වගේම  ජනෙල් පියන් අස්සෙන් ලාවට වගෙ මලානික එලියක් ආවා...අනේ ඇත්තටම ඉටිපන්දමක් අපිට එලිය දෙන්න එයාවම දිය කරගන්නවනේ නේද....හැමදාමත් අනුන් වෙනුවෙන් කැපදෙන මිනිස්සු වේදනාවටපත් වෙනවා...හරියටම මේ ඉටිපන්දම වගේ...එයාට දෙයක් නොලබාම එයා ඇවිලෙනවා....මගෙ වංජියත් මේ ඉටිපන්දම වගේ...එයා හැමදේම කැප කරලා මං වෙනුවෙන් බලන් උන්නා....මං ආදරෙයි එයාට හුගක්...

වං..ජියෝ.....

මම තවමත් උන්නෙ එයාගෙ පපුව උඩ..එයා අත් දෙකෙම්ම මාව තුරුල් කරන් උන්නා විතරක් නෙවෙගෙ ඇගට කකුලකුත් දාන් මාව එයාගෙ ඇගට තියලා කිටි කිටියට තදකරන් උන්නා ...එයාට දුක හිතෙන්න ඇති නැති නම් එයා මාව මේ වගේ තද කරලා මිරික ගන්නෙ නෑනෙ....

හී...වංජියා තාම දොයි ද?දොයි වගෙ....වංජි පපාට හොදටෝම නින්ද වගේ නෙ...

මං ඒ අත් දෙක ඇතුලෙන් අමාරුවෙන්  උඩට ලෙස්සලා ගිහින් ඒ මූන බැලුවා ...

ඔව්මයි...තවම දොයි නේන්නම්...මං හිතන්නෙ එයාට හුගා.....ක් මහන්සි හැදෙන්න ඇති...නැත්තන් මගෙ වංජියා කවදාවත් මෙහෙම  නම් දොයියන්නෙ නෑනෙ ඉතින්...පව් අප්පා....මාවත් බලාගන එයාට ජීවත් වෙන එක හරි අමාරු ඇති...නිකන්ද අනේ ළමයි දෙන්නෙකුගෙයි මගෙයි වැඩ කරනවා කියන්නෙ ඉතිම්...නෑනෙ ...නූරයි කලුකිච්චයි නම් ඉතින් ලොකුයිනෙ....

කලුකිච්චා කියනකොට මතක් උනෙ උගෙ කොන්ඩෙ වැවිලා හරීයට ...පව් මොනා උනත් මාව පිටෙ තියන් යනවනෙ බෑ නොකියා...දවල් වෙලා කොන්ඩෙ ටිකක් කපන්න ඕනේ...මොකද බාබර් සාපු වලට අරන් යන්න කොහෙ තියන සල්ලිද අප්පා...
ඇත්තටම  වන්ජියා බදු මුදල් එහෙම අය කරන්නෙ නැද්ද දන්නෙ නෑ....සල්ලි වෙනුවට පරන බඩුවත්....??

දැන් පරන බඩු වටිනවා අප්පා අලුත් බඩුවලට වඩා...එදා එයාට සෑහෙන්න වියදමක් යන්නත් ඇති ...මොනා කරන්නද අනේ..මට බඩගිනි හැදෙනවනෙ...මට බඩගිනි හැදුනම ඈනුම් යනවනෙ හරීයට...ඉතින් මං කන්නම එපැයිනෙ....ඇත්තටම මේ ගේ වටෙ ඇවිද්දොත් පරන බඩු ට්කක් ගොයාගන මමාගෙ ගෙදර  ගියදාකට විකුන ගන්න තිබ්බා...ලොරියකුත් එනවනෙ....

W  R  O  N  G      T U R N ....(WANGXIAN  COMPLETED  )Where stories live. Discover now