මට තව දුරටත් මෙතනට ඉන්න වෙලා බැරි ගතියක් දැනුනා වගේම මාව චුට්ට චුට්ට ආයම යතා තත්වෙට පත් වෙන්න පටන් ගත්තා ....
එලියෙ තවමත් වහිනවා ....එයා ඇවිත් මාව හෙව්වද දන්නෙ නෑ...නෑ ඒත් ඉතින් එයාට මා ගාව නිදාගන්න හොද නෑලුනෙ...එයා තමා කිව්වෙ...ඒත් ඉතින් ඒ ඉන්නෙ මගෙ වංජිනෙ...ඇයි ඉතින් එයාට එන්න බැරි...??
මං බිත්තියට පිටදීලා ඉදන් කල්පනා කෙරුවා ...මේ බටනලාව...මං අරන් ගියාට කමක් නැද්ද ....?? මේක මගෙ එකක් උනත් දැන් ඉන්න මගෙ එකක් නෙවෙනේ ඉස්සර හිටපු මගෙ එකක් නෙ....මේක අරන් ගිහින් වංජි කලුවා මට ගහයිද ....එයා කොච්චර ආදරේ උනත් මට ගහනවනෙ....එයා ඉස්සරත් මට ගැහුවද දන්නෙ නෑ...
මං අතේ තිබුන කාලවර්න වස්දන්ඩ වගේම රක්ත වර්න පීත්ත පටිය ඇතුලට දැම්මා වගේම පොත දාන්න යනකොට පොත ඇතුලෙන් මොකක් හරි මගෙ කකුල උඩට වැටුනා...ඒ මොකක්ද ඒ
හී...ඒක කැමේලියා මලක් මැදට අලවපු යතුරක් .....මොකේ යතුරක්ද වෙන්න ඇතිද? නිදන් පෙට්ටියක....වස්තුව හංගපු කාමරේක???මොකකද....කමක් නෑ අපි මේක ගම්මු...යතුරක් කිව්වත් මේක ඉතින් බෙල්ලෙ දාන මාලෙක යතුරක්නෙ...ඒක නිසා වස්තුව හංගපු කාමරේක වෙන්න බෑ..ඒත් මේක අරන් ගහයිද ??? ඒ ඉතින් එයා දැක්කොත්නෙ ගහන්නෙ නේද ...ගන්නවද නැද්ද ...ගන්නවාද නැද්ද ....ගම්මු එක්කො මේක මේ නිකන් යතුරක්නෙ...ඇහුවොත් මොකක් හරි කියන්න බැරි යැයි..ඒත් එයා දැනගනීනෙ මං මෙහෙ ආවා කියලා ...මෙහෙම කරමු...අද ඉදන් එයා කියන දේ අහන් හොද ළමයෙක් වගෙ ඉමු...එතකොට එයා ගහන්නෙ නෑනෙ....එයත් කිව්වනෙ දග කරන්න එපා කියලා ...
කොහොම උනත් පොතේ තියන විදිහට එයා මට හරි ආදරෙයිලු අප්පා....ඒත් එයා මට හැම වෙලේම කියනවනෙ ආදරේ කරන තරමටම මට වෛර කරනවා කියලා ....ආදරෙයි වෛරෙයි අතර තියෙන්නෙ කෙස් ගහක පරතරයක් වෙනකොට එයාගෙ ආදරේ වෛරෙකට හැරවිලාවත්ද....??