එතකොට එයා කියන වූශියෑන් මමද...මොන විකාරද දෙයියනෙ මේ වවුලා කියවන්නෙ...ඒ කොහොම උනත් මට මැරෙන්නවත් නිදහසක් නෑ කියන එක එයාගෙ හැම වචනයක් ගානෙම කියවනකොට මං කොට්ටෙ තදින් මිරිකගත්තා වගේම ඊලග තත්පරේදි එයා ඇද රෙද්ද පිටිම්ම මාව ඔතා ගත්තා ....
මට දැන් මගෙ ඇගෙ එයාගෙ ඇස් වලින් හංගන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ එයා ඒ හැම දේම දැකලා ඉවර වෙනකොට මං එයා එක්ක කටගහන්න නොයා ගොලුවෙලා වගේ සද්ද නැතිව උන්නා ...
එයා මාව හරහට උස්සන් යනකොට මං කලන්තෙ දැම්මා වගෙ බොරුවට බෙල්ල පහලට කඩා වැටුනා වගේ කරනකොට එයා ආයම කතා කෙරුවා ..
මගෙ වස්තුව තවමත් නෝටීද ඉස්සර වගේම ම්ම්ම්...කාවද ඔය රවට්ටන්න හදන්නෙ....ම්ම්ම්ම්ම්
වස්තුව ...අනේ මේ ඇන්ටික් පාරාදීසෙ ඉදලා මාව කොයි වෙලේ හරි රතු දත්ත පොතට යන පුරා වස්තුවක් වෙනවා...මොනවා කරන්නද....
මං ආයම ඒ ගොන් වැඩෙ නොකර ඔලුව කෙලින් කරන් සද්ද නොකර එයාගෙ පපුවට ඔලුව හේත්තු කර ගත්තා .....
පට්ටම පරන බලකොටුවක් අස්සෙ තියන බිත්ති වලට සමාන ගඩොල් බිත්ති වගේම ලයිට් වෙනුවට තිබුනෙ බිත්තිවලට හයිකරපු පන්දම් වගේම ඉටිපන්දම් වෙනකොට මං බයෙන් බයෙන් වගේ බලන් උන්නා ....මේක අවුරුදු ගානක්...සමහර විට සිය දහස්ගානක් පරන බලකොටුවක් වෙන්න ඇති...එයා යනවා යනවා ඉවරයක් නැතිවෙනකොට මං හිමීට ඇස් කරකවලා බැලුවා කොහේ හරි වව්ලෙක් ඉන්නවද බලන්න...මොකෙක් වත් නෑ...ඇති යන්තම් වව්ල්ලු නම් නෑ...ඒත් ඉතින් මං බය වෙලත් වැඩක් නෑ බය වෙන්නම ඕනා කෙනාගෙ අත් දෙක උඩ මගෙ ජීවිතේ තියනකොට මං ආය අමුතුවෙන් බය වෙන්නෙ මොනවා රකින්නද...