මම යොන්සෙන් කියපු වචන එක්ක මගෙ බඩට අත තියා ගත්තා ....එහෙම වෙන්නෙ කොහොමද මගෙ දුවටත් දරුවෙක් ලැබෙන්නනෙ....එහෙම උනහම ලැජ්ජයිනෙ...මේ වංජියා මොනවා කරනවද මන්දා...
යොන්සෙයො....
කියන්න අහන් ඉන්නෙ...
ඔයාට බැරිද . ..අර ගුලි ටිකක් මට ආයම හදලා දෙන්න...මම....කියන්නෙ දැන් නෙවෙ....පස්සෙ.....
ඇයි ...ඒ...ආයම ගුටි කන්නද...එදා කාපුවට ලැජ්ජාවක් නැද්ද...
.ඇයි ඒ...කියන්නෙ....ලැජාවක් නෑනෙවෙ..මට ලැජ්ජයිනෙ....
දරුවෙක් ලැබෙන එක ලැජ්ජාවක් වෙන්නෙ කොහොමද වූශියෑන් ...
නෑ....ඉතින්...මගෙ ළමයි ඔක්කොම ලොකුයිනෙ නේද....අනික....රටේ ලෝකෙ මිනිස්සු මොනවා කියයිද යොන්සෙයො...
ඇයි වූශියෑන් ඔයා රටේ ලෝකෙ මිනිස්සුනට ඕන විදිහට ජීවත්වෙන්නෙ.....ඇයි....ඒ...???ඔයා ජීවත් වෙන්න ඕනේ කාටවත් ඕන විදිහට නෙවෙ...ඔයාට ඕන විදිහට....ඔයා මේ ලෝකෙට ආවෙ කාව වත් තෘප්තිමත් කරන්න නෙවෙනෙ වූශියෑන් ...අනික....කිසිම දාක අහම්බෙන් වත් දරුවන්ගෙ උවමනාවටවත් එයාලා අපි ගාවට එන්නෙ නෑ වුශියෑන් ...අපිමයි දරුවෙක් ගෙන්න ගන්නෙ...ඉතින් ..ඔයා සතුටු නම්....ඔයාගෙ වංජියා සතුටු නම්....ලැබෙන්නෙ කොයි ගානද ...ඒක සතුටින් බාර ගන්න වූශියෑන් ....දරු සම්පත හැමෝටම පිහිටන්නෙ නෑ...ඉතින්...ලැබෙන දේ ගැන ලැජ්ජා වෙන්නෙ ඇයි වූශියෑන් ...කතා හදන මනුස්සයා කොහොමත් කතා හදනවා....ඔයාට ප්රශ්නයක් නැති නම්...අපි කාටවත් ප්රශ්නයක් නැති නම්...ඇයි වද වෙන්නෙ....
.යොන්...සෙයි...අනේ...ඒත්....දැන්...ඔයාටත් දරුවෙක් ලැබෙන්න...මටත්......
ඉතින්....ඒකට මොකද....වූශියෑන් ..මේක ඔයාගෙ ලෝකෙ වගේ නෙවෙ....ඇයි ඔයා ඔච්චර දේවල් කල්පනා කරන්නෙ...කවුරුත් මොනා කිව්වා හරි නොකිව හරි කමක් නෑ ඒ දේවල් හිතලා හිතලා දුක්වෙන්න ඔපා එතකොට දරුවට හොද නෑනෙ ....ඔයා හැමදාම සතුටින් ඉන්න...මම ප්රාර්තනා කරන්නෙ එච්චරයි ...මමත් තාත්තා කෙනෙක් වෙන්න ඉන්නෙ..වූශියෑන් ..දන්නවද. .තාත්තා කෙනෙක් වෙන්න ඉන්නකොට පපුවට දැනෙන හැගීම..ඒක වචන කරන්න අමාරුයි වස්තුව...ඉතින්....එහෙම එකේ...ඔයාට ඔය කවුරුත් කියන ...හිතන දේවල් වලට වඩා ඔයාගෙ වංජිගෙ සතුට වැදගත් නැද්ද වූශීයෑන්....