01වන කොටස...

11.5K 704 88
                                    

ශැන්හයි බේකර් වීදිය.....



ඇයි මං එතනින් හැරුනේ....?

ඇයි මං එතනින් හැරුනේ.....??

ඇ  යි   ම  ං එතනින් හැරුනේ....???

ජාන්...ජාන්...මොඩයා නැකිටපන්...නැකිටලා හිතපන් ඇයි උඹ එතනින් හැරුනේ.....???

මට නින්ද ගිහින් උන්නෙ....මේක තුන් වෙනි දවසද...හතර වෙනි දවසද....නෑ....පස්වෙනි දවස....එහෙමත් නැති නම් හය....නෑ...නෑ...හත් වෙනි දවස....හත් වෙනි දවස..

මං බිත්තිය පැත්ත හැරිලා එකයි දෙකයි තුනයි හතරයි කියලා දවස් හයක් කෙලින් අතට ඇදපු ඉරි හයේ හත් වෙනි ඉර හරහට කැපුවා ....

දවස් හතක්.....ඔව්....දෙයියනෙ දවස් හතක්....මං මේ මූසල කාමරෙ ඇතුලෙ දවස් හතක්....ඇයි මේ...මොකටද මේ...කව්ද මාව ගෙනාවෙ...මේ කිසිම දෙයක් මං දන්නෙත් නෑ..මට කියන්නෙත් නෑ...කතා කරන්න එක බලු බල්ලෙක් නැ....

මට මහන්සී...මට අඩලම මහන්සී...මට හිතලම මහන්සී....මං මේ දවස් හතට මේ කාමරේ දොර කඩන්න ගියා ..ඉන්නෙ කොහෙද මොන තූත්තුකුඩියෙද දන්නෙ නෑ ෆෝන් එකෙ සිග්නල් පවා නැති උනා වගේම බැටරි බැහැපු ඵෝන් එක චාර්ජ් කරගන්න පවා තැනක් නැති උනා...

මේ දොර ඇරපල්ලා...මොන මගුලටද මාව හිරකරන් ඉන්නෙ...ඇරපියව් මේ දොර....

මං අදත් මීට උඩින් ගෙවුන දවස් හයේ වගේම දොරට පයින් හැහුවා ....ඒත් මගෙ උගුර රිදෙන එකයි දොරට පයින් ගහලා කකුල් අත පය රිදෙන එකයි ඇරෙන්න මෙලෝ දෙයක් නොවෙනකොට මට හම්බුන දෙයක් නැති උනා...

මගෙ අම්මා බලන් ඇති ..මගෙ තාත්තා....මගෙ අක්කා...අයියා....මගෙ රොකී පුතා....අනේ රොකියට මං නැතුව කන්න බෑ...ඌට මං නැතුව නිද ගන්න බෑ...ඌට මං නැතුව  සාංකාව ඇති....

ජාන්...ජාන්...උඹ මහ අමු මී හරකෙක් ජාන්....නොදන්න අම්බලන් අස්සට රිංගන්න ගියෙ ඇයි හරකෝ...කල්පනා කරපන්  කල්පනා කරපන්...උඹගෙ ඔය මෝඩ මොලේ හොලවලා කල්පනා කරපන්...

මං ආයම ජනෙල් පියන් ගාවට ගියා මේ ඔක්කොම ගලවනවා තියා  හිතන්නවත් බැරි වෙන්න හිරයි....ඒ අස්සෙන් මකුනු දැලුත් බැදිලා..මං ඉන්න කොහෙද ....මං ජනෙල් ග්‍රීල් වල එල්ලිලා පහල බැලුවා ...ඔව්..මං ඉන්නෙ උඩක උඩ තට්ටුවක...අඩුම ගානෙ තට්ටු හතරක වත් උසක....

W  R  O  N  G      T U R N ....(WANGXIAN  COMPLETED  )Unde poveștirile trăiesc. Descoperă acum