මං ගේට්ටුවෙන් එලියට පැනලා ගස් ගල් වලට පඳුරු වලට මුවා වෙවී සෑහෙන්න දුරක් ඇවිදන් ආවා....
වංජි ....උඹ මාව එහෙම්.පිටිම්ම රැවැට්ටුවා වංජි...උඹ හරිම කෲර විදිහට මගෙන් ටික ටික පලි ගන්නවා ....
මෙච්චර වෙලා හරි අමාරුවෙන් හිරකරන් උන්න කදුළු වගේම ඉකිය මං මට පුලුවන් උපරිමේටම දාලා කෑ ගැහුවා ....වැස්ස එන්න එන්නම තද කරනකොට එයා මගෙන් ඈත් උනා වගේම මේවෙනකන් මට එලිය දීපු හදත් වලාකුලකට මුවා වෙනකොට මං ඔහේ බිම වැටිලා ඉදන මගෙ මූන වැහි වතුරට ඇල්ලුවා
එයා හරි සූක්ශම විදිහට මගෙන් පලි අරන් ....
වංජී....උඹ ඇයි වංජි මට එහෙම කෙරුවෙ ....ඇයි ...මම මෙච්චර දවසක් ගුටි කෑවෙ හේතුවක් නොදැනයි...ඒත්...
අද මං ඒ හැම දේටම උත්තර හොයාගත්ත ....මං...ආවෙ...මං ආවෙ...ආය කවදාවත් ඔය හිත රිදවන්නෙ නෑ කියන්න....මං ආවෙ....මං.ඔයා කියන විදිහට ඉන්නම් කියන්න..වංජි.....හැම වෙලේකම උඹ කිව්වෙ බය "වෙන්න එපා මම ඉන්නවා "කියලා....බයෙන් උනත් මම ඒ වචන විශ්වාස කෙරුවා ...උඹ මට ගහනකොට මොන වේදනාවක්ද වංජි මං වින්දෙ ..උඹ බෙල්ට් පටියෙන් මගෙ පිට පුපුරනකම් ගැහුවා ...මන් මනුස්සයෙක්....මට රිදෙනවා ....මගෙ පුපුරපු මස ඈත් වෙච්ච පිට උඹ අමු අමුවෙම මැහුවා වංජි...මොන වේදනාවක්ද ඒක....
ඇගෙ තුවාලවලට බෙහෙත් තියනවා ...ඒත් උඹ අද තුවාල කෙරුවෙ මගෙ හිත වෙනකොට ඒවට බෙහෙත් කොහෙන්ද වංජි.....
මං වැහි වතුරට මුන අල්ලන් ඇඩුවා ....මං මගෙ දුක කියව කියව ඇඩුවා...මගෙ හිතේ වේදනාව වචනවලට පෙරල පෙරල ඇඩුවා ...ඒත් ඒ දුක අහන්න එයා නෑ....මට පනවගේ ආදරෙයි කියපු කෙනා නෑ....ඇයි වංජි ඇයි....
මට දැනුනෙ වැහි වතුරට මගෙ ආත්මෙම හේදිලා යනවා වගෙ හැගීමක් වෙනකොට මං මගෙ කකුලෙ තිබුන සපත්තු දෙක ගලවලා දැම්මා....මේස් පවා ගලවලා දාම්මා....ගල් කටු බොරලු වැහි වතුර,වැහිවතුරට ගහගන එන හැම දේම මගෙ කකුල් තුවාල කරනකොට මං අඩියෙන් අඩිය ඉස්සරහට ගියා ..
එයාම මගෙ හිතට හැගීම් දීලා එයාම ඒවා නැති කෙරුවා ...මෙච්චර කල් හිතේ නිදහසෙන් උන්න මං අද උඹ හින්දා විදවනවා වංජි...