එයාලා මට වැදගන ඉන්නෙ ඇයි කියන්න මටවත් තේරුනේ නෑ...අවංකවම කිව්වොත් මං තවමත් උන්නෙ පැටලුන පඹගාලක වෙනකොට මාත් එයාලාට දනගහන් වැන්දා ...හැබැයි මට දනගහලා වදින්න උනේ එක තප්පරයයි අර වවුලා මගෙ කනෙන් ඇදලා ගත්තා ...ඇත්තටම මගෙ කන්දෙක කොයි වෙලේ හරි බූරුවෙක් වගෙ දික් වෙනවා...ඇයි අප්පා රිදුනත් එක්ක...
මං කන අල්ලගනම එයා දිහා බලනකොට එයා කෙල ගිල්ලා වගේම උගුරු ගැටෙ උඩට පහලට ගියා ඒ එක්කම මා දිහා බැලුවා වගේම එයාගෙ දිග දත් වලින් මට විලිස්සුවා ...
දෙයියන්ගෙ නාමෙට මාව ලැජ්ජ නොකර ඉදින් මගෙ මිනිස්සු ඉස්සරහා..
මට ඉතින් ආයම දෙන්න උත්තරයක් තිබුන් නෑ ..එක්කො මම දනගහලා වදින එක ලැජ්ජ ඇති එයාගෙ මිනිස්සුන්ට .....ඉතින් එක්කො කියලා දෙන්න ඕනා මට තේරෙන එකක් තියනවද .. ඒ අස්සෙන් මේ වවුලා ඇද්දෙත් මගෙ තුවාල උන කනෙම්මයි..මට රිදෙනවනෙ...ඇගෙ එක තැනක් කියලා රිදෙන්නෙ නෑ අප්පා හැම තැනම මට රිදෙනවා ....එක්කො මට පැත්කට වෙලා ටික වෙලාවක් අඩන්න දෙන්න ඕනා...එහෙම ඇඩුවා නම් මේ වේදනාව චුට්ටක් හරි මැකෙන්න ගියා ....මාව බලෙන් හොරකම් කරන් ඇවිත්...මට ගෙදර යන්න ඕනනෙ....මගෙ අම්මා ගාවට....එයා හැම වෙලේම මට ගහනවා ...මොනව කියනවද මන්දා ...ඊට හපන් මගෙ උරහිස උඩ පච්චෙකුත් මතුවෙලා...මෙතනත් ගුටි කාලා ගෙදර ගියදාකටත් ආය ගුටි කන්න වෙනවා මෙක දැක්කොත් ...එපා වෙනවා...ඒත් ඉතින් මට යන්න දෙයිද...එහෙම නොයවා කොහොමද අනුන්ගෙ ලමයිව එහෙම හොරකන් කරන් තියාගන ඉන්න බෑනෙ ...අනිත් එක එයා මාව ඉඹිනවත් එක්ක ඒ මොන ලැජ්ජ නැති වැඩක්ද ඒක...මං කැමතිත් නෑ..ඒත් මං ඉඹින්න බෑ කිව්වොත් ආයම මට ගහනවනෙ...ඒත් එයා එහෙම ඉඹිනකොටත් අනේ මන්දා ...මට තේරෙන්නෙ නෑ අප්පා..වවුල්ලු එහෙම කරනවද ?
මං චුට්ටක් වෙලා ඇඹරි ඇඹරි උන්නා වගේම වටපිට බලලා ඈනුමක් ඇරියා විතරයි එයා මාව හයියෙම්ම කෙනිත්තුවා ...ඒ කොනිත්තපු පාරට උඩ හම ගියා වගේම එතන තද රතු උනා...ඇත්තටම මට දැන්නම් දුකයි හොදටෝම...ඇයි එයා හැම වෙලේම මට ගහන්නෙ බනින්නෙ...මට රිදෙනවනෙ ...එයා කොනිත්තපු පාරට මාත් පිලිමයක් වගේ සීරුවෙන් උන්නා උනත් ඒ කොනිත්තපු පාර නිසා මට රිදෙනකොට මන් හරි අමාරුවෙන එතන අත ගෑවා ..එයා හැම වෙලේම ගහනවා මහ හොද නෑ