05වන කොටස🖤🖤

3.2K 570 144
                                    

නැකිටින්න ....මෙතන නිදා ගන්න එපා....කෝ නැකිටින්න ...

වාහනෙ පිටිපස්ස ශීට් එකේ එයාගෙ ඇගට යට වෙලා නින්ද ගියපු මට උනුසුම්ම උනුසුම් අතක් කම්මුල් අතගානවා වගේ දැනුනා...ඒ එක්කම නිවිච්ච කටහඩක්....කව්ද ඒ....

මං හිමිට හිමීට....හරීම හිමීට ඇස් ඇරියා ....විශ්වාස කරන්න එතන උන්නෙ නපුරු කුමාරයා ...එයාගෙ කටහඩ....ඇත්තටම ඒ එයාගෙමද කියලා හිතන්න බැරි තරම් ඒ කටහඩ මෘදු වෙලා තිබුනා වගේම එයයි මායි තවමත් උන්නෙ පිටිපස්ස ශීට් එකේ වෙනකොට එයා තවමත් මාව තුරුල් කරන් උන්නා......

ගෙදර යමු...ගෙදර ගිහින් මේවට බෙහෙත් දාමු දාලා මොනවා හරි කාලා මගෙ වස්තුව නිදා ගන්න නෝටි නොවි උන්නොත් ....රෑට ගමනක් එක්ක යනවා...හැබැයි....ඔයා නෝටි...නොවී....උන්නොත්....තේරුනාද ම්ම්ම්ම්ම්...

එයා අවසානම වචන ටික නම් කිව්වෙ තර්ජනේ කරලා වගේ වෙනකොට එයා මගෙ කම්මුලක් මට රිදෙන්නම මිරිකුවා ...මට දැනුනෙ මෙච්චරයි එයා හරි අමාරුවෙන් එයාගෙ තරහව හංගන් ඉන්නවා කියලා විතරක් වෙනකොට මං වචනයක් වත් නොකියම ඇස් පිල්ලමක් විතරක් ගහනකොට එයා ආයමත් මගෙ ඇස් දිහා බලන් මූනට පාත් උනා වගේම මං බයටම කට තදකරන් ඇස් වහගත්තම ඊලග තත්පරේදි මං උන්නෙ කැබ් එකේ ඉස්සරහම ශීට් එකේ වෙනකොට මට හිතා ගන්න බැරි උනා මං කොහොමද වාහනෙ දොරක් වත් අරින්නෙ  නැතිව මෙතනට ආවෙ කියලා ....අනෙ දෙයියනෙ එක්කොම මට පිස්සු නැත්තම් මං බීරිද ..
ඇයි මේ දේවල් මටම වෙන්නෙ...

එයා මට එහා පැත්තෙ ඩ්‍රයිවින් ශීට් එකේ ...මං තනිකරම අල ගෝනියක් වගේ මූන විතරක් එලියට තිබුන මගෙ අත පය නිරුවත් සර්ංවාගෙම මේ ලොකු බ්ලැන්කට් එක ඇතුලට දාලා එයා ඔතලා තිබුනා......

එයා කතාවක් බහක් නැතිවම ඩ්‍රයිව් කෙරුවා වගේම මං ශටර් එකට ඔලුව තියා ගත්තා ....වැහි වතුර වගේම මීදුම නිසා ශටර් එක සීතල වෙනකොට මගෙ කම්මුල් හිරි වැටුන වගේම ඊලගෙ තත්පරෙදි මං උන්නෙ එයාගෙ අතයට...

අත යට.....???

ඔව්...මං උන්නෙ එයාගෙ අත් යට ..සීතල ශටර් එකට කම්මුල හේත්තු කරන් උන්න මාව එයා බෙල්ලෙන් ඇදලා ගත්තු පාර එයාගෙ ඇගට හේත්තු වේලා ගියා වගේම ඊලග තත්පරේදි එයා මාව එයාගෙ අත ඇතුලට හිර කරගත්තා .මෙහෙම කොහොමද ඩ්‍රයිව් කරන්නෙ....? මං එහෙම කිව්වට එයා හරි අපූරුවට ඩ්‍රයිව් කරන්නෙ...

W  R  O  N  G      T U R N ....(WANGXIAN  COMPLETED  )Donde viven las historias. Descúbrelo ahora