"වෙලාවට එතන 150ට තිබ්බෙ. මං ලාබ කඩ හොය හොය එහෙ මෙහෙ ඇවිද්දා. කොහෙන්වත් කන්න බෑනෙ ඉතින් අතේ තිබ්බ ගාණට. බත් වගේ නොකා බඩ පිරෙන්නෙත් නෑ අනන් මනන් කෑවාට. ගෙදර පරිප්පුයි බතුයි සම්බෝලයි හැදුවා නම් යුද්ද කරලා නොකා ඉඳලා. දැන් ඉතින් බඩගින්නටම විතරක් කන නිසා මේ වගේ කෑම එකක් වුණත් කතහැකි සොබාදහමට පින් දිදී. සමහර විට මට හිතෙනවා දුෂ්කර ජීවිතයක් වුණත් හොඳයි කියලා. දැන් මට රහ වැඩක් නෑ. ඒ බත් නම්, එච්චරයි.
හැබැයි අවංකවම ඒ කෑම එක හොඳයි...
මං දැන් ජීවිතේ ඇත්තට මූණ දෙන ගමන්. ඒත් මට කිසිම දුකක් නෑ. දැන් ගෙදර ප්‍රශ්න නෑනෙ. මට ඒ ප්‍රශ්න නැතුව හිඟාකන්න සිද්ධ වුණත් ගාණක් නෑ ඕන්. මේ කටු මට මාර සනීපයි ඒ දුක එක්ක සසඳද්දි. ඒ වගේ දුකක් තව කොහේවත් තියේවිද. මට දීපු දුක් ගින්දරක් ඒ පවුල. ඉන් එහා මම පාරෙ මළත් මැරෙන්නෙ මානසික සැනසීමෙන්."
මාසෙකට වතාවක් විතර එන අම්මාගෙ කෝල් එකෙන් වද වෙන්නෙම මගේ පඩි පැකට් එක ගැන විතරයි. ඒ සල්ලි කවුරුහරි පරිභෝජනය කරනවා අැති කියන ඉරිසියාකාර හැඟීමෙන් විසික් වෙන වචන එකක් ගානෙ මගේ ජංගමයේ පටිගත වෙනවා. ආයෙ වාදනය කරලා අහද්දි ඒ අැමතුමේ එක තැනකවත් මගේ කෑම බීම ගැන වදවීමක් නෑ. මං නීරෝගීව ඉන්නවාද කියලා දැනගන්න වුවමනාවකුත් නෑ. ඒ ඇමතුමේ සාරාංශය මෙච්චරමයි.
"අපි ඔයාට ඉගැන්නුවා. දැන් ඔයා අපිට බලන්න ඕන. ඔයා අපිට දෙන්න තියෙන සල්ලි යාලුවො භුක්ති විඳිනවා. ඒක අපිට ප්‍රශ්නයක්."
මගේ හිතේ ඇතිවෙන්නෙ අසීමාන්තික කලකිරීමක්. "මෙහෙව් අම්මලා..." මට ඉබේටම කියවෙනවා. දරුවො ලොකුවෙද්දි වෙනස් වෙන්නෙ දරුවො විතරක් නෙවෙයි. දරුවො පොඩි කාලෙ දෙමව්පියො මුකුත් බලාපොරොත්තු නොවුණට දරුවො ලොකු වෙද්දි අම්මලා තාත්තලාට මතක් වෙන්න පටන් ගන්නවා තමන් දරුවෙක්ව හැදුවෙ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් විදියට කියලා. එතනින් එහාට අර මාතෘ පීතෘ සෙනෙහස වියැකිලා සර්පයා මැද්දට පනින්න පටන් ගන්නවා. ළමයා හම්බ කරන තැන ඉඳන් තාත්තාට වුවමනා වෙන්න පටන් ගන්නවා සිගරැට් බොන්න කීයක්හරි. පොඩි කාලෙ ගෙනත් දීපු ටොපි චොකලට්වල ගණන් බේරගන්න හිතන්නෙ ඔතන ඉඳන්. හන්දියට ඇරලෙව්වට හිලව්වට බයික් එකට තෙල් ගහගන්න දඩ කොළ වැටෙන්න ගන්නෙ ඔතන ඉඳන්. මද්දුමයා ගෙනත් දාන බඩුවලින්, බාලයාගෙ මාසික අනුග්‍රහයෙන් ගන්න බඩුවලින්, පවුලේ වැඩිමල් සහෝදරියගේ පවුලටම පිනට කන්න දෙද්දි අම්මලාට අමතක වෙනවා සමානාත්මතාවය. බාලයා තනිකඩයා, උගෙන් ගරාගෙන තව එකෙක්ට කරනවා මිසක් ඌට ඉතුරුවක් අනාගතයක් තියෙන්න ඕන කියලා හිතෙන එක අමතක වෙලා යනවා. ඌ උගේ අනාගතය ගැන හිතන්න ගියොත් උගෙන් යැපෙන පවුලට රිදෙන්න පටන් ගන්නවා. එදිරිවාදී යුද්දෙ පටන් ගන්නෙ ඔතනින්.