අයියගේ දර්යා කියවනවා කියන්නෙම !
අපි අඬනවා කියනෙක.ඒක ඒ තරමටම සංවේදී සහ ලස්සනයී.කවදාවත් ආශ්රය කරන්න ලැබෙයි කියලා හීනෙකින්වත් නොහිතපු ලස්සනම ලස්සන ආදරණීයම හිත් තියෙන ඔයාලව මට මුණගැහෙන්නේ ලඟදි.ඉතින් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නියම පිරිමි ආත්මයන් මං දැක්කේ ඔයාලා දෙන්නගෙන්.ඒ තරම් සංවේදී සහ ආදරණීයම මිනිස්සු දෙන්නෙක් ඔයාලා දෙන්නා.ඒ යාලුකම ඇස් දෙකටම දැකපු කෙනෙක් විදියට,විඳපු කෙනෙක් විදියට අයියගේ ඒ ලියවිල්ලේ කිසිම අකුරක අඩුපාඩුවක් තිබ්බේ නෑයි කියලයි මට හිතෙන්නේ...
හැමෝටම ලැබෙන්න ඕනී ඔයාලා දෙන්නා වගේ යාලුවෝ.මේක කියවන වාරයක් වාරයක් පාසා මට හිතුනේ ඒම !
ඉතින් ඒ හොඳම හොඳ යාලුවෝ දෙන්නගෙන් එක්කෙනෙක්ගේ ගෑනු ළමයා මං වෙච්චි එකත් අනිත් යාලුවගේ නංගි මං වෙච්චි එකත් මං හිතන්නේ මං කරලා තියෙන ලොකුම ලොකු පිනක් !!
"උඹේ ලොක්වලට පුළුවන් වෙයි කවුරුහරි මට අහිමි කරන්න හදන මගේ කියන දේවල් මට පරිස්සම් කරලා දෙන්න. මගේ ලාම්පුවට පුළුවන් වෙයි උඹේ කළුවරට පොඩි එළියක් දෙන්න. ඔව්, ඒ ඇති...! "
ඇත්තමයි අයියේ ඒක හරි රහයි !🥺💜
-දොන් ද සිල්වාට ලෝරාගෙන්-
2024/05/16