වෛරස්

7 0 0
                                    

විස්වාස කරපු ලේ නෑකම් වෛරස් වෙද්දි ඇස්වල කඳුළු පුරවගෙන මම මගේ නෝනයි දරුවයි දිහා බලලා හිත හදාගන්නවා. ආදරේ පිරිච්ච පවුලක් නොතිබුණ, සාමකාමී පවුලක් නොතිබුණ මම හැමදාම හීන මැව්වෙ මටම කියලා ආදරබර පවුලක් හදාගන්න. අම්මාව මතක් වෙලා මූණ අඳුරු වෙන වාරයක් ගානෙ දර්යා, "ඇයි මැණික... දුක්වෙන්න එපාාා... අපි අම්මාව බලලා එමුකො..." කියලා හිත කියවගෙන පපුවට තුරුළු කරගෙන නළල ඉඹ ඉඹ මුළු රෑම පිට පිරිමදින්නෙ කලාතුරකින් හරි දැනෙන අම්මා නැති අඩුව සම්පූර්ණයෙන්ම නැති කරලා දාන ගමන්.

මගේ ඇස්වලට කඳුළු උපද්දවන්න පුළුවන් අම්මාගෙ බැඳීමට විතරයි කියලා දන්න හින්දාම ඇය මගේ කඳුළු ගැන ඕනවාටත් වඩා සැලකිලිමත්. කොහොමත් එයා බිරිඳකට වඩා, අම්මෙක්.

මං කැමති විදියටම, මගේ අම්මා කවන විදියටම, මං කැමති ව්‍යංජන මං කැමතිම අනුපාතෙට දාලා අනලා මුළු බත් පිඟානම මට කවලා "තාත්තිට තව කවන්නද?" අහන වයස අවුරුදු 6ක අපේ පුංචි දුව දැක්කාම අනාගතේ ගැන මට තියෙන අවිනිශ්චිතතාව නැතිවෙලා යනවා. එයා මාව අම්මෙක් වගේ බලාගනී. මං නෝනාට කියන්නෙ පුදුම විස්වාසෙකින්.

"උඹ ගෑනියෙක් එහෙම අරන් මෙහෙ එන්නෙපා. මං උන්ව කපලා කපලා පෙති ගහලා දානවා..." මගේ කන් දෙක අස්සෙ අම්මාගෙ වචන රැව් පිළිරැව් දෙන්නෙ මහා ⁣ගිගුරුමක් එක්ක.

මේ දරුවයි ගෑනියි මං වෙනුවෙන් නොකරන්නෙ මොනවද? එහෙව් දෙන්නෙක්ව පෙති ගහන්න ඔතනට අරන් එන්න තරම් දේපළ හිඟන්නෙක්ද මම? මට ඔය පරම්පරාව මැරුණත් තණ්ණාසෙට පෙරේතයො වෙලා ආත්ම හිර කරලා නතර වෙන ඉඩකඩම්වලට වඩා මේ ආත්මයේ මාව රැකගන්න මගේ බිරිඳයි දරුවයි වටිනවා. ඉඩකඩම් ගැන පවුලේ නම්බුව ගැන මනුස්සකමට වඩා දන්න මිනිස්සු, ආදරේ ගැන මොනවාද දන්නෙ?

සහලෝලා උණ හැදිලා ඉන්න අතරේ කිසි අමාරුවක් නැති විත්තිය කන්කෙඳිරිගාලා නෝනාට කියන තත්පරේට ඩිස්පෙන්සරියට තකහනියේ දුවන් ගිහින් අරන් එන බේත් වඩියක් මගේ අත උඩ... කන්න බැරුව ඔහේ වැටිලා ඉන්න ඊළඟ තත්පරේ පිරිලා යන්න කැඳ කෝප්පයක්... ආයෙම කටට සැරට කන්න ප්‍රියම විදියට බත් ඩිංගක්... ආයේම දවල් බේත් වඩියත් එක්ක බොන්න තරම් රසවත් සුප් කෝප්පයක්...

දර්යාWhere stories live. Discover now