පිටුවහල්

0 0 0
                                    

ඇත්ත ජීවිතවල "ඉෂාන් අවස්ති" තරම් අපි කොහෙත්ම වාසනාවන්ත වුණේ නෑ. ඉෂාන් අවස්තිව හොස්ටල් එකක නතර කරලා යන ගමන් ඉෂාන්ගේ අම්මයි අයියයි අඬනවා. ඒත් ඒ පින්තූරෙට අපේ මූණු එක්ක පවුලේ උදවියගේ මූණු ගැලපුවොත් කඳුළු පුරවගෙන බලන් ඉන්නෙ අපි විතරයි. අනිත් සේරම ඉන්නෙ අපිව විසික් කරලා දාගත්ත නොමඳ සතුටට නිබඳවම සවුදිය පුරන ගමන්. කවුරුහරි දොරෙන් එබිකම් කළොත් විතරක් කිඹුල් කඳුළු සලයි. කාවද රවට්ටන්නෙ? සොබාදහමද?

ඒත් අපේ පපුවේ විතරක් ඔවුන් වෙනුවෙන් කොටසක් ඉතුරු කරගෙන තවම අපි බලාගෙන ඉන්නවා.

අම්මලා තාත්තලා කියන්නේ බුදුවරුවේවා හෝ දෙවිවරු වේවා කියලා කියන්න කලින්, "අඩුම තරමේ මනුස්සයෝවත් වේවා!" කියලා කියන්න හිතෙන විදියේ පුද්ගලයන්ය කියලා හිතෙන දරු ප්‍රජාවක් ඉන්න එක රටේ අවාසනාවක්ද කියන්න අදහසක් මට නෑ. පොඩි කාලෙ දරුවෙක්ව පරිස්සමට හදන්න අම්මෙක් තාත්තෙක් ගන්න වෙහෙස දැක්කාම මට ඇතිවෙන්නෙ මගේ අම්මා තාත්තා ගැන පුදුමාකාර ගෞරවාදරයක්. එච්චර අමාරුවෙන් හදලා මෙච්චර ලේසියෙන් විසික් කරලා දාන විදිය දැක්කාම මට ඇතිවෙන්නේ "පුදුමාකාර විදියක පුදුමයක්".

අමාරුවෙන් හදපු නිසාම එයාලාට වුවමනා විදියටම ඉන්න වුවමනා බව හිතෙනවා ඇති. ඉතින් ඇත්තටම එහෙම අම්මෙක් තාත්තෙක් ලබනවාට වඩා අනාථයෙක් වෙලා ඉපදෙන එක කොච්චර හොඳද කියලා හිතෙන විදියෙ ජීවිතයක හිමිකාරයෙක් වෙන එක මොන වගේද කියලා හිතාගන්න උත්සාහ කරන්නවත් එපා.

මං අපේ අම්මාට කොයි තරම් ආදරේද කියලා අපේ අම්මා කිසිම දවසක දැනගන්න එකක් නැතිවෙයි. මම අද වෙනකන් කිසිම දවසක කරලා නැති දේවල් මම කරන බව අම්මාට බොරුවට කියලා අම්මාගේ හිත මගේ නමින් රිද්දලා, මට මහගෙදර ජීවිතය එපා කරවලා, මට ගෙදරින් අයින් වෙන්න හිතෙන තරමට මහගෙදර ජීවිතය අසීරු කරපු කිසිම අක්කා කෙනෙක් මගේ එෆ් බී ගිණුමේ නම search bar එකේ ගහලා බැලුවාට, අම්මාට මම කරන කිසිම හොඳ දෙයක් ගිහින් කියන්නෙේ නැති බව මම මට අමුතුවෙන් මතක් කරගන්නෙ මොකටද? එහෙම සහෝදරියො ඉන්නෙ මට විතරක් නෙවෙයිනෙ.

දර්යාWhere stories live. Discover now