අන්ලොක්

0 0 0
                                    

උඹ මාර මිනිහෙක් බං.  දැන් මගෙ උගුර කට වේලිලා තියෙන්නෙ මේක කියවලා. 🥺
ඇස් වලට තෙතමනයක් කාලෙකින් උනන්න පටන් අරන් මේ අකුරු නිසා...
මං මොන ජාතියෙ එකෙක්ද කියන්න මට තේරෙන් නෑ.  හැබැයි මගෙ සෑහෙන්න කොටසක් උඹ කියවලා... කියවමින් ඉන්නවා...

බිංදුවෙනුත් පහල ඉදන් ආපු මට ඒ ආදරේ,  පවුලක ආරක්ෂාව මේ හැමදේම ලැබුනෙ මෙතනදි. ඉතින් කොයි ලෝකෙ හිටියත් උතුරන්න හරියන්න ඕන පවුලක් තමයි මේ!
මගෙ ජීවිතේ ආදරෙන් පුරවන උන්ට මං හරි ආදරෙයි! 

මිනිස්සු ඉන්නවා!!! මනුස්සකම් තියෙන මිනිස්සු අඩුයි!

   සමහර දවස් ගෙවාගන්න ඇඳට වෙලා ගුලි වෙලා ඉන්න දවස් ඕනතරම් තිබ්බා.  ඒත් මෑතකදි ඒම දවසක් මතක නෑ.!
   මොකද මෙතුවක් කාලෙකට මගෙ ඇතුලෙ ඉන්න ක්‍රියේටිව් මනුස්සයා අවදිවෙලා තිබ්බෙ නෑ.  දැන් ඒ යකා නැගිටලා..  මට නින්දක් නෑ 😂

කාමරේ ගාවින් එහෙට මෙහෙට යනගමන්...
ඒක ලස්සනයි බං... ඒම කියලා කරන ඩිසයින් එක දිහා ටිකක් නැවතිලා බලන් ඉදලයි උබ ඔෆීස් රූම් එකට යන්නෙ...😳
"මහන්සි වෙන තරමට උඹ ගානක් ගනින්! "

සමහර වෙලාවට බැනුම් ටිකකුත්  කියාගෙන එහෙ මෙහෙ යන්නෙ මං ගැන මටම තියෙන අඩු තක්සේරු ගති නැතිවෙලා යන්න වෙන්න ඕන 👹💚

උබ සයිකලය ගන්න දවසෙ පිස්සුවෙන් වගේ එහෙට මෙහෙට කෝල් කර කර සයිකල් වල ගනන් හොයද්දි මටත් ටිකක් පිස්සු හැදුනා...

  මචං අපි අහවල් දිහාවට යමුද පොඩ්ඩක් බයිසිකලයක් ගන්න...
   
   වැඩ කන්දක් මැද්දෙ හිටපු මං පොඩ්ඩක් ඒක වචන දාලා හෙටට කල් දාගන්න බැලුවා. ඒත් ඒකෙන් නම් උඹේ හදිසිය නැවතුනෙ නෑ.  කුළු මීමා වගේනෙ කෝමත් වැඩක් කරන්න ගත්තම 😼

  මට ඔලුව එක තැනක තියන් වැඩක් කරන්න බෑ උබේ ඒ පිස්සුව හොඳ කරනකම්...

   ලෑස්තිවෙයන් අපි බලලා එමු!  එහෙම කියලා ශර්ට් එකක් දාන් බයික් එකේ යතුර අරන් එලියට බැස්සෙ අදනම් මුන්දැට බයිසිකලයක් කොයිලෝකෙන් හරි හොයාගන්න උදව් කරන්න ඕන කියලා හිතලා...

   රවුමක් ගහලා අපි කෝම හරි වාහනෙ ගෙනාවා... 💚 ඒක තමයි උබේ සතුට... අපේ සතුට!  💚✅

  සමහර achievement අපිට මහමෙරක්! මොකද අපි වින්ද දේවල් දන්නෙ අපේ හිත නිසා..  හැමදේම හෙමීට හෙමීට හදාගෙන කඩාවැටීම් කොච්චර තිබ්බත් අපි අපේ ගමන යනවා! 

   ඉතින් සමහර යාලුවො අපේ ජීවිත වල එළිය වෙලා ඉවරයි!  හරියට ඔයා මට දීපු මේස ලාම්පුව වගේ... 💚

අපි අපේ ගමන යන්!  හුස්ම නැවතෙන මොහොතක උනත් හිත සතුටින් යන්න පුලුවන් විදියේ මනුස්සකම පිරුණු මනුස්සයො විදියට! 

දවසක උබේ මේ පොත මුද්‍රණය වෙලා එනකොට මට වෙන් උන පරිච්ඡේද කිහිපයක් තියෙන එකම මට ඇති!  මොකද උඹේ මේ ලිවිමේ හැකියාව ඒක උඹටම ආවේණික වුන එකක් නිසා!.

"දොන් ද සිල්වාට රෂ්ගෙන්"
2024/05/16

දර්යාWhere stories live. Discover now