අද තමයි මේ ගීතය මුල ඉඳන් අගය හරියටම ඇහුවෙත්, බැලුවෙත්... මං පුද්ගල වන්දනාවේ යෙදීම නතර කළ මනුස්සයෙක්. ඒ නිසා දේශපාලනික වශයෙන් මගේ මතය හොල්ලන්න පුළුවන් නිර්මාණ මම පහුගිය කාලෙ බලන්න ගියේ නෑ. මතකනෙ වතාවක් මහරජා කරලා ගිය හරියක්. ඒත් අද නිකමට හිතිලා මේ ගීතයේ පද පෙළ අහලා බැලුවා. ආයුබෝ වේවා මහරජාණෙනි ගීතයේ පද පෙළත් එක්ක ටිකක් සසඳලත් බැලුවා.
මහරජා වගේ පාලකයන්ට වුවමනා වුණේ ජනතාව ඉදිරියේ නිතරම superior වෙන්න. (ඒ වගේ මිනිස්සුන්ව නමින්ම හඳුන්වනවා මිසක් මහතා කියලාවත් කියන්න හිතෙන්නෑ ඔවුන්ගේ බලලෝභීත්වය විසින් මේ රටට කළ විනාසට ගැන මතක් වෙද්දි.) මහරජාට වුවමනා වුණේ ජනතාවට වඩා උඩින් ඉන්න. ජනතාව තමන්ට වඳිනවා බලන්න පුදුමාකාර ආසාවක් තිබ්බ පවුලක් මහරජාගේ පවුල. ඒ උමතුවට කෙලවරක් තිබුණෙ නෑ. නිතරම රාජත්වය, දේවත්වය වගේ සංකල්ප තමයි මහරජාගේ නඩයේ කල්පනාව වුණේ.
ඒක එහෙම වෙද්දි ඒ මජර ක්‍රමවේදයෙන් බැහැර වෙලා මාලිමාව මේ වතාවේ තමන්ගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා යොදා ගත්තේ් ඉතාම නිර්මාණශීලී ප්‍රවේශයක්. අපි දැක්කා ජනතාවගේ ඉතාම සියුම් ස්නායු පවා ස්පර්ශ කරවලා අවදි කරවන විදියේ දැන්වීම්, කෙටි නාට්‍ය, ගීත ඔවුන් විසින් නිර්මාණය කර ප්‍රචාරණය කරනවා. මාලිමාවේ හිටිය කලාකරුවන්ගේ දක්ෂතාව උපරිම භාවිත කරමින් ඔවුන් ජනතාවගේ දුර්වලම ස්නායු ටික පිරිමැද්දා. තමන් වැටිලා ඉන්න ඛේදවාචකය දකින්න මේ ප්‍රචාරණය විසින් මිනිස්සුන්ට බල කළා.
රුපියල් දාහටයි, කසිප්පු කාලටයි, තහඩුවටයි, හාල් කොට්ටෙටයි යට නොවිය යුතු හේතු ඔවුන් මේ ප්‍රචාරණය හරහා ජනතාවට මතක් කරලා දුන්නා. ජාතිය,ආගම බේරගන්න තියෙන අවසාන අවස්ථාව කිය කිය කැම්පේන් කරපු තක්කඩි වුවමනාවෙන්ම විනාස කරපු සංහිඳියාව ඇත්තටම අපි අතර තිබිය යුතු බවත්, දැනටමත් එය අප අතර තිබෙන බවත්, ඊට අවශ්‍ය වන්නේ දේශපාලන පිළිගැනීම පමණක් බවත් මාලිමාවෙන් ලස්සනට මතක් කරලා දුන්නා.
මේ ගීතය පටන් ගන්නෙම "සියවස් ගණනක් අප දුටු සිහිනය" කියලා. ඇත්ත... මේ තරම් කල් පැරදි පැරදි මෙච්චර දුර එන්න ලේසිද? කවදා දිනයිද කියලා නොදැන ඉවසගෙන කැපවෙලා, පේවෙලා වැඩ කරන්න පුළුවන් කාටද? සියවස් ගණනක් අප දුටු සිහිනය කියද්දිම මැවිලා පේන්නෙ බලාපොරොත්තු අත් නොහැර අධිෂ්ඨානශීලීව ඉදිරිය බලන් ඉන්න මිනිස්සු ටිකකගෙ මූණු. ඒ තරම් පෙරුම් පුරාගෙන එන බවට කියමින් පටන් ගන්නා ගීතයේ තනුව පුරාම රැඳිලා තියෙන්නේ බලාපොරොත්තු සහගත බවත්, අධිෂ්ඨානශීලී හැඟීමත්, රටට යහපතක් උදා කිරීම උදෙසා දක්වන සටන්කාමීත්වයත්...