එය හිස් වූ බීම හලකි. ප්‍රසිද්ධ එකක් නම් විය නොහැක. කළු කලිසමකින් ද සුදු කමිසයක් හා එයට උඩින් දමා ගත් කළු කෝට් එක සහ කළු ටයි පටිය කින් ද සැරසුණු තරුණයෙක් කුඩා මත්පැන් බඳුනක් පානය කරයි.ඔහු ඉඳගෙන සිටියද ඒ දිග කකුල් දකින ඕනේ කෙනෙක් මොහු ඉතා උස බව තේරුම් ගනීවි. සුදු පැහැති සමක් ඇති මොහුගේ හිසකෙස් කළු ය. ඔහු සිනාසෙන්නේ නැති වුව ද ඒ තොල් දෙස බැලූ විට ඔහුගෙ සිනාව දිව්‍යමය බව විශ්වාස ය. වැසී ඇති ඒ තොල් පසුපස ඇත්තේ bunny දත් ය. තොල් යටින් ආකර්ෂණීය මවුලයක් ඇත.
එක වීදුරුවකින් පසු කරන්න පුළුවන් තරං වේලාවක් පසු කල ඔහු මේසය මතින් යම් මුදලක් තබා පිටව ගියේය.
දිග කකුල් අයිති වූ මේ තරුණයා රැගත් සුඛෝපභෝගී කාර් රථය මධ්‍යම රාත්‍රියේදී හිස් පාරවල් දිගේ ධාවනය විය. එය අවසානයේ විශාල ගේට්ටුවක් ඉදිරියේ නතර වී එය විවෘත වූ විට විශාල නිවසක් දෙසට ධාවනය විය.
තම රියදුරාට ස්තූතියක් සහ සුබ රාත්‍රියක් පැතු ඔහු කාර් රථයෙන් බැස නිවසට ඇවිද ගියේය. දොර ඇර ඔහුව පිළිගත් මෙහෙකාර කාන්තාවට මඳ සිනහවක් පා තම කාමරය වෙතට ඔහු ගියේ නිදිබර දෑස් වලිනි.
අනෙකා ගෙ කාමරය පසු කරන විට ඔහුගෙ පියවර වේගවත් වූයේ බොහෝ දුරට සිදු නොවන හමුවීමක් වළක්වා ගැනිමේ අරමුණකිනි .
ඒ අනිත් පුද්ගලයා මෙහි පැමිණ දැනට සති දෙකක් ගෙවී ගොස් ය. ඒ අපහසු වෙහෙසකර ඔවුන්ගේ සුවිශේෂී දිනයෙන් පසුව ඔවුන් එකිනෙකාව දැක නැත. තමා ඔහුව මෙන්ම ඔහුද තමාව මගහරිනවා දෝ යැයි නොසිතා ඉන්නට Zhan ට බැරි විය.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
තවත් සතියක් ගෙවුණි .
අද ද අනෙක් පුද්ගලයා දහවල වන තුරු නිදා ගත්තේය. මේ අනික් පුද්ගලයා Zhan ට වඩා මිටි ය. ඔහුට වඩා සුදු ය. නමින් Yibo වූ ඔහු Zhan ට වඩා වයසින් බලා විය.
මාසයක් තිස්සේ ඔහුගෙ පුරුද්ද වූයේ දහවල තෙක් නිදාගැනීමයි .වෙන වැඩක් කරන්නට ඇත්තේද නැත. ඔහු අත පය දිග හරිමින් අවදි විය.
ඔහු ළඟ දි පදිංචියට පැමිණි මේ නිවස විශාල ය. සුඛෝපභෝගී ය. දවස ගානේ මෙහෙකාරියන් පැමිණ මෙය පිරිසිදුවට ද ලස්සනට ද තබා ගනිති.
YOU ARE READING
මගේ business marriage එක
Fanfictionවිසි අටයි... විසි දෙකයි.. එතකොට තමා ඒගොල්ලො හමු වුනේ. විවාහය නිසා බලෙන් එකට එකතු කලා. නමුත් ආදරය නිසා දෙන්නා එක් කෙනෙක් වුණා. ලෝකයේ හැමදාම අන්දකාරයෙ තිබෙනවා. ඉතින් ඒ දෙන්නා වටාත් අන්ධකාරය තිබෙනවා. ඔවුන් ගිල ගැනීමට සූදානම් වූ ඒ අන්ධකාරය.. ඔවුන් එය සම...