Chapter 32 - ඔහුගේ මිනිහා

607 145 59
                                    

අද Zhan කලින්ම කාර්යාලයෙන් පිටත් වූයේ Ziyi ගෙ නිවසට යෑමටයි. තමා සිටින්නේ අනතුරුදායක රැකියාවක නිසා Zuocheng තම පවුලට කතා කිරීමෙන් වැළකී සිටියේය. ඉතින් පෙර තිබූ හමුවේ දී ඔහු Zhan ට පවසා තිබුණේ Ziyi හමුවී ඔහු වෙනුවෙන් මේ අවස්ථාව පැහැදිලි කරන ලෙසයි.

කාර් රථය නිවස ඉදිරියේ නතර කිරීමෙන් අනතුරුව Zhan පිටුපස අසුනේ තිබූ මලු තොගය අතට ගත්තේය . ඒවා ඔක්කොම පිරී තිබුණේ සෙල්ලම් බඩුවලිනි. Ziyiගෙ හා Zuocheng ගෙ පුතණුවන් Yuan ඉපදුණු දා සිට ඔහුට සෙල්ලම් බඩු අරන් දී ඔහු නරක් කිරීමේ කාර්යභාරය Zhan භාරගෙන තිබුණි. ඉතින් Yuan ට සිටි සියලුම මාමලාගෙන් Zhan අංක 1 එක ස්ථානය හිමිකරගෙන සිටියේය.

තමාගේ පදවිය අහිමි කරගන්නට අකමැති වූ Zhan ඔවුන්ගේ නිවෙසට යන සෑම විටම සෙල්ලම් බඩු තොගයක් රැගෙන යාමට පුරුදු වී සිටියේය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් Ziyi ට සිදුවූයේ ඒ සෙල්ලම් බඩු සඳහා ම වෙනම කාමරයක් වෙන් කිරීමටයි.

Zhan ප්‍රධාන දොරෙන් ඇතුළට එන විටම අවුරුදු 5ක කුඩා දරුවෙක් ඔහු වෙත දුවගොස් ඔහුගේ කකුල බදා ගත්තේය.

" Uncle Zhan..... "

බිමට දණ ගැසූ Zhan මේ අඩි තුනක් උස කොලු පැටියා ඉදිරියේ හිඳ ගත්තේය.

" ආ... කොහොමද මගේ වඳුරු පැටියෝ... මාව නැතුව පාලු හිතෙන නැද්ද?. "

" පාලුයි. ගොඩා..............ක් පාළු හිතුනා. " Yuan හුස්ම ගන්න බැරි වෙනකන් ඇද කීවේය.

මහ හඬින් සිනාසුනු Zhan ඊළඟට ඒ සෙල්ලම් බඩු ඔක්කොම ඔහුගේ අත් වල පිරුව්වේය. අවසානයේ දී Yuan ගෙ අත්වැල සෙල්ලම් බඩු කන්දක් විය.

ඒ සෙල්ලම් බඩු කන්ද තම කාමරයට ගෙන යාමට ඔහුට උදව් කරමින් ඉන්නා විට Zhan ට නිවසේ මුළුතැන් ගෙයින් විශාල ශබ්දයක් ඇසුණු අතර කලු දුම ද එළියට පැමිණියේය.

දිග හුස්මක් ගෙන සුසුමක් හෙලපු පුංචි Yuan බලාපොරොත්තු රහිත ලෙස ඔහුගේ Uncle Zhan දෙස බලා මෙසේ කීවේය.

" අම්මි අලුත් දෙයක් ට්‍රයි කරනවා. පේන විදියට වැඩේ වැරදෙන්න යන්නේ. "

ඊළඟට Ziyi මුළුතැන්ගෙයින් සිට කෑගසන්නට විය.

" Zhan ..... රෑ කෑමට ඉන්නව නේද? ඉන්න. මට අලුත් රෙසිපියක් හම්බවුණා. "

මගේ business marriage එකWhere stories live. Discover now