Chapter 22 - හැමදේම වෙනස් වෙනවා 1 කොටස

791 174 36
                                    


Zhan ගැස්සී අවදි වුණේ දොරට තට්ටු කරන ශබ්දය ඇසී ය. ඔහුගේ ඇස් යට අඳුරු වී තිබුණු අතර ඇස් පිල්ලම් වලින් ගල් එල්ලා ඇති සේ දැනෙන්නට විය. ඔහුට ඇස් ඇරීමට ඕනැ වුණේ ම නැත. පෙර දින රාත්‍රිය පුරාම එකම දේ සිතමින් සිටි නිසා ඔහු ලබා තිබුණේ මිනිත්තු කිහිපයක නින්දක් පමණි.

Zhan නැවතත් දෑස් පියා ගත්තේ දොරට තට්ටු කරන කවුරුන් හෝ හැරී යයි යැයි සිතමිනි.

නමුත් කනගාටුදායක ලෙස දොරට තට්ටු කරන්නා ලේසියෙන් මෙය අතහැරීමට සූදානම් වුනේ නැත.

ඉතින් ඇඳෙන් නැගිටීමට Zhan ට සිදුවුණි. ඔහුට මද හිස රුදාවක් ඇති වී තිබුණ අතර ශරීරයේ ම වේදනා දෙන්නට විය. ඒ විඩාබර සිරුර ඇද ගනිමින් දොර දෙසට ඇවිද ගිය ඔහු එය විවෘත කළ විට එහි සිටියේ ඔහු බලාපොරොත්තු නොවූ කෙනෙකි.

ඒ සිටියේ හෙටක් නොමැති සේ සිනහ වෙමින් සිටි අවුරුදු 22ක තරුණයෙකි.

Zhan ඒ සිනහවට ප්‍රතිචාර දැක්වුයේ නැත. ඒ වෙනුවට ඔහු වහාම හැරී බිත්තියේ තිබූ ඔරලෝසුව දෙස බැලුවේය. ඔහුට දැනටමත් ප්‍රමාද වී ඇති විය යුතුයි.

උදේ 6 ??

කොහොමද මේ උදේ 6:00 වෙන්නේ?? ඔහු ඉදිරියේ සිටින මේ තරුණයා කවදාක්වත් උදේ හතයි තිහට පෙර අවදි වෙන්නෙ නෑනෙ..

නළල රැළි කරගත් Zhan නැවතත් ඒ තරුණයා දෙස බැලුවේය. ඔහු ඊයේ රාත්‍රිය පුරා ම මේ තරුණයා සහ ඔහුගේ ක්‍රියාවන් ගැනම සිතු නිසා දැන් ඔහුව ඉබේ පෙනෙන්නත් පටන් අරන් වත් ද?

Zhan ඔහුගේ හිසේ සිට දෙපතුල දක්වාම බැලීය. ඔහු පිරිසිදුව අලුත් ඇඳුමෙන් සැරසී සිටියේය. ඔහුගේ හිසකෙස් වෙනදා තරම් අවුල් වී නැත... දැන් නං Zhan ට නිසැකය. ඔහු සිතේ මවා ගෙන ඇත.

මේ තරුණයා ට lessons තිබෙන්නේ උදේ අටේ සිටයි. ඉතින් උදේ හතයි තිහට අවදි වන මොහු බාගෙට ඇර ගත් ඇස් සමග පැමිණ උදේ ආහාරය ගෙන ඔහු මහා කලබලයක් කරන්නේ ඔහු තැන් තැන් වල දමා තිබූ පොත් සොයමිනි. අටට විනාඩියක් තබා මුහුණ සෝදාගෙන එන ඔහු පොතුත් රැගෙන ටීචර් වෙත දුවන්නේ ඇඳුම් අඳින ගමන් ය.

" කලින් වැඩ කිරීම " යනු මේ තරුණයා ගේ ශබ්දකෝෂයට අයිති නැති වචන කිහිපයකි.

මගේ business marriage එකWhere stories live. Discover now