" ආආආආආආආආආ......හ්හ්හ්හ්හ්හ් "Zhanගෙ සිරුරට යටවී සිටි Yibo හිස ඔසවා බැලුවේ එයාගෙ Zhange කෑ ගහන්නේ මොකටද කියලා බලා ගන්නයි.
එතකොට එයා දැක්කේ හරිම කුතුහලයෙන් ඒගොල්ල දිහා බලාගෙන ඉන්න ලොකු කන් දෙකක් තියෙන එයාගෙ හොදම මිතුරාවයි.Prince ඔලුව ඒ පැත්තට මේ පැත්තට කරකෝ කරකෝ බලන්නට විය. Zhan දෙසට ද Yibo දෙසට ද බලන්නට විය. මේ දෙදෙනා සාලය මැද මොන මගුලක් කරනවා දෝ යන්න ඔහු කල්පනා කරන බවක් පෙනෙන්නට විය.
තරුණයන් දෙදෙනාම Prince දෙස බලා සිටියේය. ඊළඟට බලාපොරොත්තු නොවූ ලෙස හිස් හැර වූ ඔවුන් දෙදෙනාම එකිනෙකා දෙස බැලුවේය.
කර කර හිටපු වැඩෙන් මත් වෙලා හිටිය දෙදෙනාටම හරි සිහියක් ආවේ දැනුයි. ඒගොල්ලො ඉන්න ස්වරූපය වැටහුනේත් දැනුයි.
Zhan Yiboගෙ සිරුරට බරක් නොදී ඔහු මත නැග සිටියේ ය. ඔහුගේ එක් අතක් Yibo ගෙ බෙල්ල මත ද දෙපා Yiboගෙ දෙපැත්තෙන් ද විය.
කොයි වෙලේ මෙය වුණාද කියා කවුරුත් දන්නෙ නැත, කෙසේ නමුත් මේ වන විට Zhanගෙ ශක්තිමත් පපුව ප්‍රදර්ශනය කරමින් ඔහුගේ කමිසයේ බොත්තම් කීපයක් ගලවා තිබුණි. එසේම Yiboගෙ දෑත් තිබුණේ එතනයි. ඒ නිරුවත් පපුව මතයි.
හරියටම මේ අවස්ථාවේදී, මෙය මීට වඩා නරක වෙන්න බෑ කියා ඔවුන් සිතන විටම Zhan ට යම් දෙයක් මතක් විය. ලෝකය වෙනස් කරන ලෝකය හොල්ලන ඉතා වැදගත් කරුණක් මතක් විය.
ඔහු හෝමෝසේපියන් කෙනෙක් බව මතක් විය.
මනුෂ්‍යයෙක්. දඬු හතරක් තියෙන ජීවියෙක්. කකුල් දෙකක් සහ අත් දෙකක්..
ඒ කියන්නේ ඔහුට දකුණු අතකුත් තියෙනවා කියන එකයි.
කෝ දැන් මේ දකුණු අත???
බියෙන් බිරාන්ත වූ මුහුණු වලින් යුක්තව ඔවුන් දෙදෙනාගේ ම දෑස් Zhanගෙ දකුණු උරහිසින් ගමන් ආරම්භ කළේය.
මේ මොහොතේදී Zhanගෙ යට හිත දෙවියන්ට ආයාචනා කරන්නට විය.
" එපා දෙයියනේ එපා.. එතන නම් තියෙන්නෙ එපා... "
ඔවුන්ගේ දෑස් වැලමිට පසුකර ගියේය.
" එපා එපා... මම කියන දෙයක් කරන්නම්.. එතන නං එපා .. එතන නං එපා.. "
BINABASA MO ANG
මගේ business marriage එක
Fanfictionවිසි අටයි... විසි දෙකයි.. එතකොට තමා ඒගොල්ලො හමු වුනේ. විවාහය නිසා බලෙන් එකට එකතු කලා. නමුත් ආදරය නිසා දෙන්නා එක් කෙනෙක් වුණා. ලෝකයේ හැමදාම අන්දකාරයෙ තිබෙනවා. ඉතින් ඒ දෙන්නා වටාත් අන්ධකාරය තිබෙනවා. ඔවුන් ගිල ගැනීමට සූදානම් වූ ඒ අන්ධකාරය.. ඔවුන් එය සම...