එය සුන්දර සවස් යාමයකි. හිරු බැස යාමට තව තෙක් තිබුණේ පැය කිහිපයක් පමණි. උස ගස්වල ලා කොළ පැහැති කොළ සෙලවෙන්නට වූයේ park එකේ වූ සිසිල් සුළඟ නිසයි.විවිධාකාරයේ කුරුල්ලෝ විවිධාකාරයේ ගීත ගයන්නට විය. ලේන් පැටවු ගසින් ගසට පනින්නට විය. ආදරවන්තයන්ගේ උකුළු මුකුළු ද සහෝදර සහෝදරියන්ගේ රන්ඩු සරුවල් ද ඇසෙන්නේ ය. තම මව සමග රණ්ඩු වෙන කුඩා දරුවෙක් ගෙ හඩ ද ඇසෙන්නට විය. ඒ සියල්ලම මධ්‍යයේ දුරකථන නාදය ක් ද ඇසෙන්නේ ය. මේ දුරකථනයේ හිමිකරු වන්නේ තම මිතුරා වු Prince සමග Park එකට පැමිණි අවුරුදු 22 ක තරුණයෙකි.
Yibo ජංගම දුරකථන තීරය මත දිස් වූ නම දුටුවිට ප්‍රීතියෙන් කුල්මත්ව ෆෝන් එක තමන් කනෙ ගසා ගත්තේය.
" Zhange.... " ඔහු කෑ ගැසුවේය.
අනෙක් පසින් තනිව සිනාසීමක් ඇසෙන්නට විය.
Zhan ඔහුට කෝල් කරන වාරයක් වාරයක් පාසා Yibo ගෙ ප්‍රීතිය වැඩි වෙන්නට ගත් අතර ඒ සමගම ඔහුගේ කටහඬ ද තවත් ශබ්ද විය. ඉතා කෙටි කාලයකදී තමා බීරි වන බව නම් Zhan ට නිසැකය.
නමුත් ඔහු මෙයට මදක්වත් අකමැති වූයේ නම් නැත.
" දැනටමත් පාක් එකේද ? " Zhan ඇසුවේ ය.
" ඔව්, මම දැන් ඇවිත් පැයක් විතර.. අද ටිකක් සෙනග... "
" ගොඩක් මිනිස්සු අද ඉන්නවද ? "
"එහෙමත් නෙමෙයි.. ඒත් වෙනදට වඩා ඉන්නවා .. සතිඅන්තය නේ.. "
" ඉතිං මොකක්ද මට ඇහෙන කෑගැහිල්ල? "
" ආ ...ඒකද ?.. පොඩි එකෙක් අම්මා එක්ක රණ්ඩු වෙනවා .. මේ දැන් අයිස් ක්‍රීම් එකක් කෑවා විතරයි.. තව එකක් ඕනෙලු .. අම්මා බෑ කිව්වා ..ඉතින් දැන් මල පැනලා .. ඒකා නිකන් සාතන්ගේ මල්ලි වගේ ... "
Zhan නැවතත් සිනාසෙන්නට විය.
" Prince මොකද කරන්නේ ? "
"හැමදාම කරන එකම තමා ...නැට්ට පස්සේ දුවනවා.. " Yibo පිළිතුරු දුන්නේ තම දෙපා පාමුල සිට තමාගේම වලිගය අල්ලා ගැනීමට අසාර්ථක උත්සාහයක යෙදෙන බලුපැටියා දෙස බලමිනි.
Zhan නැවතත් සිනාසුනේය .
" Zhange, ෆයිල් එක හම්බවුනාද? " Yibo ඇසුවේය.
YOU ARE READING
මගේ business marriage එක
Fanfictionවිසි අටයි... විසි දෙකයි.. එතකොට තමා ඒගොල්ලො හමු වුනේ. විවාහය නිසා බලෙන් එකට එකතු කලා. නමුත් ආදරය නිසා දෙන්නා එක් කෙනෙක් වුණා. ලෝකයේ හැමදාම අන්දකාරයෙ තිබෙනවා. ඉතින් ඒ දෙන්නා වටාත් අන්ධකාරය තිබෙනවා. ඔවුන් ගිල ගැනීමට සූදානම් වූ ඒ අන්ධකාරය.. ඔවුන් එය සම...