Chapter 26 - කටු සටහනක්

880 177 43
                                    


ඊළඟ දිනයේ දී ද උදෑසනම අවදි වූයේ Zhan ය. නමුත් මෙවර ඔහු ඇස් විවෘත කර ඔහුගේ ඇඟේ වෙලී සිටි අර කෝලා බෙයාර් දකින විට ඔහු පොඩ්ඩක්වත් ලැජ්ජ වුනේ නැත. ඒ වෙනුවට ඒ දර්ශනය ඔහුගේ මුහුණට සිනහවක් රැගෙන ආවේය.

Zhan ට ඒ සුන්දර මුහුණ දකින්න ට අවශ්‍ය විය. නමුත් Yibo ඔහුගේ පපුව මත මුහුණ තබාගෙන සිටියේය. ඉතින් Zhan ට කළ හැකි වුණේ ඔහුගේ හිසකෙස් තුළින් එක් අතක ඇඟිලි රැගෙන යමින් අනිත් අතින් ඔහුගේ පිට මත තට්ටු කිරීමයි.

Yibo ට සුවිශේෂී බලයක් තිබුණි. Zhan ට ලොව සිදුවන අන් සියලුම දේ අමතක කරවීමට හැකි බලයක් තිබුණි. ඒ නිසා තමයි Zhan ඔහුගේ හිසකේ සමග සෙල්ලම් කරමින් සිටිනා විට පැයකුත් ගෙවී හමාර බව Zhan නොදුටුවේ...

වෙලාව කීය දැයි Zhan ට වැටහුණ විට ඔහු අකැමැත්තෙන් ම Yibo නැවත ඇඳ මත තැබුවේය. ඇත්තෙන්ම එය පහසු වූයේ නැත. ඔහු වටා ඒ වෙලී තිබූ දඩු.. ඉවත් කරන්න ඉවත් කරන්න නැවත නැවත ඔහු වටා පැටලෙන්නට විය. ඉතින් අවසානයේ දී Zhan ට සිදුවූයේ ඔහු සිටි තැනින් කොට්ටයක් තබා තමා මෙතෙක් මුහුණ දුන් දෛවය කොට්ටේට ලබාදීමයි.

තවත් පැයකුත් ගත වූ පසු Yibo අවදි වූයේ Zhan කොට සහ මෘදු වී ඇති බවක් දැනුන විටයි.

තමා ඇඳේ සිටින්නේ තනියම බව දැනගත් විට ඔහු අසතුටු විය. ඉතින් ඈනුම් අරිමින් බෙල්ල කසමින් ඔහු තම උස කොට්ටය/මෙට්ටය සොයා ඇවිද ගියේය.

තම මේසේ ඉඳගෙන අවධානයෙන් file එකක් කියවමින් සිටි Zhan දකින විට Yibo ගෙ නින්ද අතුරුදහන් විය.

" Zhange, ඔය මොකද කරන්නේ? "

ඔහු දෙස හැරී බැලූ Zhan ට ඒ කටහඩේ ගැන්වී තිබූ කෝපය මඟ හැරුණි.

" ආහ්.. ඇහැරුනද.. ඇයි අද කලින්ම ඇහැරිලා.. තව ටිකක් නිදා ගන්න.. " මද සිනහවක් සමගම Zhan පැවසුවේය.

Yibo සිනහවකින් ප්‍රතිචාර දැක්වුයේ නැත.

" මං ඇහුවෙ මොකද ඔය කරන්නේ කියලා? "

Zhan ඒ නුපුරුදු මෙන්ම හුරු පුරුදු වූ කටහඬින් පුදුමයට පත්විය.

" මම මේ නිකං..file එකක් බල බල හිටියේ." ලෙසින් ප්‍රතිචාර දැක්වූ Zhan ඒ කතා කරන විලාසය ඔහුට හුරුපුරුදු ඇයි දැයි මතක් කරන්නට විය.

මගේ business marriage එකحيث تعيش القصص. اكتشف الآن