Chapter 25 - එකට සතුටින්

785 172 49
                                    


Zhan ගැඹුරු නින්දකින් අවදි විය. ඔහු දවස් බාගයක් පුරාම නිදා ගෙනය. එය ඔහුගේ සියලු වෙහෙස මහන්සිය සංසිදවා තිබුණි. ඔහුට සහනයක් දැනුනේ ය. නැවුම් බවක් දැනුනේය. ඔහුගේ හදවත ද අද සැහැල්ලු විය.

මේ සැහැල්ලු බවට හේතුව කුමක් දැයි ඔහු කල්පනා කළේය. එතකොට තමයි පෙරදා රාත්‍රියේ සිදුවීම් එකින් එක ඔහුගේ මතකයට පැමිණියේ.. එසේම එතකොට තමයි ඔහුගේ සිරුර වෙනදාට වඩා බර බව ඔහුට දැනුණේ..

මීට හේතුව ඔහුට අනුමාන කළ හැක. එක පාරම කෙළ ගිලූ ඔහු සෙමින් සෙමින් ඉතාමත් සෙමින් ඔහුගේ පපු ප්‍රදේශය දෙස හිස පහත් කර බැලුවේය. ඔහු ඒ හේතුව ඔහුගේ පපුව මත වැතිර සිටින බව සොයා ගත්තේය.

Yibo ඔහුගේ දකුණු පැත්තට වෙන්නට නිදාගෙන හිටිය ද ඔහුගේ ඇගෙන් අඩකට වඩා තිබුණේ Zhan මතය. ඔහුගේ අතක් හා කකුලක් Zhan වටා ගොස් තිබුණි. ඔහු Zhanව කොට්ටයක් සහ මෙට්ටයක් යන දෙයාකාරයෙන්ම භාවිතා කරමින් සිටියේය.

Zhan ට හරියට මතක නම් Yibo නින්දට ගියේ ඔහුගේ වම් පැත්තට වීය. කොහොමද දෙයියනේ අනිත් පැත්තට ගියේ???..

Yibo නින්දෙන්ම මොනවාදෝ කියමින් සිටියේය. Zhan ට ඇසුනේ වැකි කිහිපයක් පමණි.

" මට සමාවෙන්න Madam Yu. ඒක අත් වැරැද්දක්. මම හිතලා කැඩුවෙ නෑ.. "

Zhan ට බකස් ගා හිනා ගියේය. ඔහුට අතින් කට වසා ගැනීමට සිදුවූයේ ඒ සිනහ හඬ බාල තරුණයාගේ කනට වැදීම වැලැක්වීමටයි.

නමුත් Zhan සම්පූර්ණයෙන්ම සාර්ථක වුනේ නැත. Yibo එහෙ මෙහෙ දඟලන්නට පටන් ගත්තේය. නින්දෙන්ම හිස මදක් එසවූ ඔහු හිස අනෙක් පැත්ත හරවා ගත්තේය.

Zhan ඇඳ සිටියේ බෙහෙවින් තුනී කමිසයකි. ඉතින් Yibo හිස අනෙක් පැත්ත හරවන විට ඔහුගේ තොල් පෙති ඒ පපුව ස්පර්ශ කරමින් ඇදී ගියේය. Zhan ට ඒ තොල් පෙති තමා මත වැදෙනවා හොඳින්ම දැනුණේය.

Zhan නැවතත් කෙළ ගිල්ලේය. ඔහු හිස ඔසවා ඉහළ බැලුවේ ය. ඔහුට දාඩිය ගලන්නට පටන් අරන් තිබුණු අතර ම ඔහු අඬන්නට ඔන්න මෙන්න විය. ඔහු තමාටම පවසා ගත්තේ,

" අනේ දෙවියනේ... මට උදව් කරන්න.. " කියාය.

නමුත් දෙවියන් ඔහුට එතරම් කරුණාවන්ත වුනේ නැත. Yibo අවදි වන්නට පටන් ගත්තේය.

මගේ business marriage එකDonde viven las historias. Descúbrelo ahora