කොට බොටමක් විතරක් ඇඳගෙන හිටපු Zhan නාන කාමරෙන් එලියට එන විට ඔහුගේ නිරුවත් ආදරවන්තයා නින්දෙන් අවදි වී ඔහු එනතුරු ඇඳ මත ඉඳගෙන බලා සිටියේය.Zhan දිහා බලපු Yibo ඇදේ එයාගෙ එහා පැත්තේ තැනට තට්ටු කර එතනට ඇවිත් වාඩි වෙන ලෙස Zhan ට ඉඟි කළේය. Zhan ඔහුව කිසිම වෙහෙසකින් තොරව තේරුම් ගත්තේය. කිසිම වචනයක හුවමාරුවක් සිදු නොවුණත් දැන් තමා ගේ රාජකාරිය කුමක්ද කියා Zhan දැන සිටියේය.
ඇඳ මත වාඩි වුණ Zhan ඇඳ ලෑල්ලට හේත්තු වුණේය. ඔහු ඔහුගේ අත් කකුල් තරමක් ඈත් කර තබා ගත්තේය. ඊළඟට හිස වනා Yibo ට පැමිණෙන ලෙස ඉගි කළේය.
එතනට දණ ගාගෙන ගියපු Yibo ඔහුගේ කකුල් මැදින් ඉඳගත්තේය. ඔහුගේ නිරුවත් පිට Zhanගෙ නිරුවත් පපුවට හේත්තු කර ගත්තේය. Zhanගෙ අත් දෙකම අල්ලගත්ත ඔහු ඒවා ඔහුගේ බඩ වටා බැඳ ගත්තේය. ඊළඟට ඔහුගේ දෑත් Zhanගෙ කලවා මත තබා ගත්තේය.
එය හරියට Yibo සැපපහසු කාර් රථයකට නැගලා වැනිය.
මෙය Zhanගෙ ද කැමතිම ඉරියව්ව විය. Yibo ව මෙසේ තුරුළු කර ගැනීමට ඔහු බොහෝ ආසා කළේය. Yiboගෙ බෙල්ල මත හිස තබා ගත් ඔහු දිග සුසුමක් ඇද ගත්තේ Yiboගෙ සුවඳ විඳ ගනිමිනි.
ඔවුහු දෙදෙනාගේම හදවත් සාමයේ පවතින්නෝය. කිසිවෙකුට හෝ කිසිම දෙයකට ඔවුන්ගේ හිත්වල ඉඩක් නැත.
" Bo " මුලින්ම කතාකලේ Zhan ය.
" ම්න් ? " Yibo පිළිතුරු දුන්නේය.
" මේ ඔක්කොම දේවල් ඉවර උනාට පස්සේ අපි ට්‍රිප් එකක් යමු. "
" ට්‍රිප් එකක් " කියන වචන දෙක Yiboගෙ සියලු අවධානය ලබා ගත්තේය. ඔහු හිස හරවා Zhan දෙස බැලුවේ " කොහෙද " කියා ඇසීම ටයි. නමුත් ඒ වචනය පිට නොවුණේ Zhan ඔහුගේ තොල් මත හාදුවක් තැබූ නිසයි.
Yibo කතා කිරීමට ආයෙත් උත්සාහ කළේය. නමුත් ඔහු මුඛය විවෘත කළ සෑම අවස්ථාවකදීම ඔහුව හාදු වලින් නිශ්ශබ්ද කොට තිබුණි.
ඉතින් Yibo Zhanගෙ උරහිස් තදින් අල්ලාගෙන ඔහුව තල්ලු කරන්නට සූදානම් වෙමින් මෙසේ ඇසුවේය,
" කොහෙද? "
Yibo ඒ උරහිස් මඳක් ලිහිල් කළ වහාම ඒ තොල් මත තවත් හාදුවක් තැබූ Zhan පිළිතුරු දුන්නේ ය.
STAI LEGGENDO
මගේ business marriage එක
Fanfictionවිසි අටයි... විසි දෙකයි.. එතකොට තමා ඒගොල්ලො හමු වුනේ. විවාහය නිසා බලෙන් එකට එකතු කලා. නමුත් ආදරය නිසා දෙන්නා එක් කෙනෙක් වුණා. ලෝකයේ හැමදාම අන්දකාරයෙ තිබෙනවා. ඉතින් ඒ දෙන්නා වටාත් අන්ධකාරය තිබෙනවා. ඔවුන් ගිල ගැනීමට සූදානම් වූ ඒ අන්ධකාරය.. ඔවුන් එය සම...