Chapter 56 - අවසානය? 1 කොටස

438 109 40
                                    


Wang Yifeng ට ඇප ලැබීම කවුරුත් බලාපොරොත්තු වූ දෙයක් නොවේ. Zhan , පොලීසිය මෙන්ම මහජනයා වත් බලාපොරොත්තු වුණ දෙයක් නෙවෙයි. ඔහුට විරුද්ධව තිබූ චෝදනා මෙන්ම සාක්ෂි දෙස බැලූ විට ඇත්තෙන්ම ඔහුට ඇප නොදිය යුතුයි.

මේ සිදුවීම Yifeng ගෙ අත්තඩංගුවටත් වඩා අවධානයක් ලබා ගත්තේය. මන්ද සියලු දෙනාගේ දෑස් ඉදිරියේ මෙයින් පෙන්වා දුන්නේ අධිකාරිය තිබූ ඇත්තෝ කොතරම් දූෂිත වී ඇති දැයි ය.

Zuocheng සාක්ෂි එකතු කිරීමට දීර්ඝ කාලයක් ගැනීමට හේතු වූයේ ඔහුට මගහැරිය නොහැකි ශක්තිමත් සාක්ෂි එකතු කර ගැනීමට ඕනෑ වුණ නිසයි.

Wang පවුල දශක ගණනාවක් තිස්සේ බලයේ සිටි පවුලකි. ඉතින් ඔවුන්ට සහාය වන ඉහළ තනතුරු දරන්නන් තවමත් ඉතිරි වී සිටීම ස්වභාවික කරුණකි. මේ පුද්ගලයන්ට ඉතා පහසුවෙන් පොලීසියට බලපෑම් කළ හැක.

ඇත්තෙන්ම හරි සිහියේන් සිටින කෙනෙක් පක්ෂපාතීත්වය නිසා Yifeng ට මේ අවස්ථාවේදී උපකාර කරන්නේ නැත. නමුත් Yifeng ගෙ විනාශය සමඟම තමාගේ විනාශයද සිදුවන කීප දෙනෙක් සිටිය හැක. ඔවුන් ඔවුන්ගේ නම හෝ තනතුර කැප කරමින් Yifeng උසාවිය ඉදිරියට පැමිණීම වැළැක්වීමට සියල්ල කරන බව නිසැකය.

මේ නිසා තමයි Zuocheng ඉතා ප්‍රවේශමෙන් කටයුතු කළේ. ප්‍රශ්න කිරිමේ කුටියේදී Yifeng කියූ සමහර දේ නිසා ඔහුගේ දත් ටික ගැලවී යන ලෙස පහර ගැසීමට Zuocheng ට සිතුනු වාරයන් අනන්තය. නමුත් ඔහු ඒ සියලු කෝපය විඳ දරාගෙන Yifeng ගෙ සිවිල් අයිතිවාසිකම් කඩ නොවන ලෙස ක්‍රියා කළේ Yifeng ට මෙයින් ගැලවීමට කිසිම අවස්ථාවක් උදාකර දීමට අකමැති වූ නිසයි.

නමුත් එය ප්‍රමාණවත් වූයේ නැත.

Zuocheng ට කොතරම් කෝප ගැනුනාද කිවහොත් පොලිසියේ ප්‍රධානියා හමුවී තම අදහස් බෙදාහදා ගැනීමට ඔහු පසුබට නොවීය. අසා සිටීමට අමාරු වචන වලින් ආරම්භ වූ ඒ සංවාදය අවසන් වූයේ Zuocheng පොලිසියේ ප්‍රධානියා ට යම් සුවිශේෂී ඇඟිල්ලක් උස්සා පෙන්වීමෙන් අනතුරුවයි.

ඔහුට විරුද්ධව විනය පරීක්ෂණ ඇරඹෙන බව Zuocheng හොඳින් දැන සිටිය ද ඔහු මදක් හෝ පසුතැවුණේ නැත. එසේම ඇගේ බිරිඳ ද ඔහුගේ ක්‍රියාව අගය කළා ය.

මගේ business marriage එකOnde histórias criam vida. Descubra agora