" ඔයා කොහොමද මට මෙහෙම කලේ? " නිදන කාමරයේ එහාට මෙහාට ඇවිදිමින් සිටි Zhan ඇසුවේය. ඔහු දැඩි වේදනාවකින් සහ ශෝකයකින් පෙළෙන බවක් පෙනීය." මේ දේවල් මෙහෙම වෙයි කියලා මම හිතුවේ නෑ Zhange " ඇඳ උඩ හිඳගෙන සිටි Yibo බිම බලාගෙන කතා කළේය. ඔහුගේ කටහඬ වැඩි ශබ්දයකින් නොවුන අතර පසුතැවීමක් එහි ගැබ් වී තිබුණේය.
මේ පිළිතුරෙන් කෝප ගැන්වුණු Zhan හඬ උස් කළේය.
" ඔයා හිතුවේ නෑ? ඔයා හිතුවේ නෑ..! කොහොමද හිතුවේ නෑ කියන්නේ, ඔයා මට බොරුත් කිව්වා..! "
Yibo හිස ඔසවා ඔහු දෙස බැලුවේය. බැගෑපත් වන දෑස් වලින් ඔහු මෙසේ පිළිතුරු දුන්නේය.
" Zhange , මම හිතුවේ නෑ ඔයාට මාව තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. ඒකයි මම... "
" මට තේරුම් ගන්න බෑ තමා. ඔයාට මාත් එක්ක එළියට යන්න තමා වෙලාවක් තිබුනේ නැත්තෙ. ඒත් අරයා එක්ක...එක්ක... "
Zhan ට එය සම්පූර්ණ කළ නොහැකි විය. ඔහුගේ වචන මැකී ගියේය. අතින් කට වසාගෙන ඔහු වේදනාවෙන් හිස වනන්නට විය. Yibo ඔහුට මෙහෙම දෙයක් කළා කියා තාමත් විශ්වාස කිරීමට ඔහුට නොහැක.
Zhanගෙ මේ ව්‍යාකූල තත්වය නිසා වද වුන Yibo හනික පිළිතුරු දුන්නේ ය.
" Zhange , එයා ටිකක් දුකින් හිටියේ. ඒකයි මම එයාව එලියට එක්කන් ගියේ. එයාට මාව ඕනේ උනා. "
" එතකොට මම? මටත් ඔයාව ඕනේ... " ආරම්භයේ දී Zhan කෑගසා කීවත් අවසන් කොටස ඔහු රහසක් කියනවා සේ කෙඳිරුවේ ය. ඔහුගේ හදවතේ වූ කටුක වේදනාව එයින් මනාව පෙන්විය.
මේ මිනිසාව කොතරම් වේදනාවකට තමා තල්ලු කර ඇත්ද යන්න වැටහුන Yibo සමාව ඉල්ලුවේය.
" Zhange , මට සමාවෙන්න. "
Zhan නිහඬව ඔහු දෙස බැලුවේය. Zhanගෙ මනස යුධ පිටියක් මෙන් ය. ඔවුන්ට නැවතත් පෙර කාලයට යා හැකිද? බිඳුනු විශ්වාසය නැවත සවිවර කරන්න හැකිද?
Zhan තීරණයකට පැමිණියේය. එය ඉතා අමාරුය . නමුත් එය නිවැරදිය.
නැවතත් තම කටහඬ ස්ථාවර කරගත් ඔහු මෙසේ කීවේය." නැහැ. මේ වතාවෙ නම් නෙමෙයි. මේ වතාවෙ මට ඔයාට සමාව දෙන්න බැහැ. "
YOU ARE READING
මගේ business marriage එක
Fanfictionවිසි අටයි... විසි දෙකයි.. එතකොට තමා ඒගොල්ලො හමු වුනේ. විවාහය නිසා බලෙන් එකට එකතු කලා. නමුත් ආදරය නිසා දෙන්නා එක් කෙනෙක් වුණා. ලෝකයේ හැමදාම අන්දකාරයෙ තිබෙනවා. ඉතින් ඒ දෙන්නා වටාත් අන්ධකාරය තිබෙනවා. ඔවුන් ගිල ගැනීමට සූදානම් වූ ඒ අන්ධකාරය.. ඔවුන් එය සම...