Chapter 31 - පුද්ගලතා වෙනස් වීම

578 143 30
                                    


Zhan ට තරහ ගියා යැයි පැවසීම හුදෙක් අවතක්සේරුවක් ම වනු ඇත.

අත මිට මොලවා ගත් ඔහු මේසේට තද පාරක් දුන්නේ මහ හඬක් නගමිනි.

" මේක තමයි Yifeng එයාව මුළු ජීවිතේම අර ගෙදර හිර කරලා තියා ගත්තේ. ඒ සල්ලි බලෙන් ගන්න විදිහක් තිබුන් නෑ. Yibo කැමැත්තෙන්ම දෙන්න ඕනෑ . ඉතින් ඒ මිනිහා Yibo ලේසියෙන් පාලනය කරන්න පුළුවන් කෙනෙක් බවට පත්කරා!!

ඊලගට සල්ලි ටික ඔක්කොම තමන්ගෙ නමට ලියා ගත්තට පස්සේ හරියට පාරක්වත් පනින්න දන්නේ නැති අර කොල්ලව කැලෑවක අතඇරල ආවා. "

" මොනව හරි ලියකිවිල්ලක් අත්සන් කරපු එකක් ගැන Yibo ඔයාට කිව්වා ද ? " Zuocheng ඇසුවේ ය.

" නෑ, ඒත් එයාට ඒක කියෙව්වත් එයා අත්සන් කරන්නේ මොකක්ද කියලා එයාට තේරෙන්නෙ නැහැ. එයා දැනං හිටියෙ නිකන්ම ලියන්න කියවන්න විත..."

Zhan තමාගේම වදන්වලින් මවිත විය.

" ලියන්න කියවන්න!!! අන්න හරි... මේක තමා ඒ මිනිහා මොකුත් කියා දුන්නේ නැති ළමයට ලියන්න කියවන්න ඉගැන්නුවේ. ඒ දෙක බැරිනම් ලියකියවිල්ලක්වත් අත්සන් කරන්නේ කොහොමද.. "

Zuocheng හිස වනා එකඟ වූයේ ඔහු ද මෙයම සිතා තිබුණු බැවිනි.

" එතකොට දැන් මොකද්ද ඔය Haikkuan ඔක්කොම සල්ලි Yibo ට දෙන කේස් එක? Yifeng ට කීයක් වත් නොදැන එක මට හිතාගන්න පුලුවන්. ඒත් ඇයි එයාගෙ අක්කට නැත්තෙ? " Haoxuan ඇසුවේය.

Zhan මිනිත්තුවක් මෙය කල්පනා කළේය.

" Mr. Haikkuan ගොඩක් පෝසත් මනුස්සයෙක්. ඒත් එයා කවදාවත් සල්ලි ගැන ගොඩක් හිතපු කෙනෙක් නෙමෙයි. එයා decent මනුස්සයෙක්. එයා Yifeng ට කොච්චර අකමැති වුනත් සල්ලි සම්බන්ධයෙන් එයා Yifeng ට වෙනසක් කරන්න නෑ. එයා අනිවාර්යෙන් ළමයි තුන් දෙනාටම එක විදිහට සලකනවා.

හැබැයි.......... "

Zhan ට තව දෙයක් අවබෝධ විය.

" හැබැයි.... එයා ඇත්තට ඒ කරේ එයාගෙ සල්ලි බෙදල දුන්න එක නෙමේ නම්... එයා උත්සාහ කරේ Yibo ව Yifeng ගෙන් බේරගන්න වෙන්න පුළුවන්.

ඒ විදිහේ කොන්දේසියක් ඇතුළත්ව ඒ සල්ලි Yibo ට දුන්න එකෙන් Mr. Haikkuan ට ෂුවර් වෙන්න පුළුවන්කම ලැබුණා Yibo අඩුම තරමේ අවුරුදු දහ අටක් වෙනකං වත් ජීවත් කරන්න පුළුවන් කියලා. තමන්වම බලාගන්න පුළුවන් වෙනකන් ජීවත් කරන්න පුළුවන් කියලා.. "

මගේ business marriage එකDonde viven las historias. Descúbrelo ahora