Chapter 33 - පාපොච්චාරණය

652 159 34
                                    


Confess.... Confess... Confess

Xiao Zhan ට සිතාගත හැකි වුණේ එපමණයි. ඔහු රථය ධාවනය කළේ තම ආදරණීයා තමා හැර දමා යෑම වැළැක්වීමට ගුවන් තොටුපළට ධාවනය කරන පිස්සු හැදුනු ආදරවන්තයෙක් ලෙසිනි.

ඒ රාත්‍රියේ දී ඔහු ජීවිතයේ පළමු වතාවට red light එකක් මග හැරියේය. ඔහු ජීවිතේ පළමු වතාවට නොසැලකිලිමත් ධාවනය සඳහා බැනුම් ඇසීය.

ඔහු අවසානයේ දී මන්දිරයට ළඟා වූ විට තම යතුර ආරක්ෂකයෙකු ට විසිකර නිවස ඇතුලටම දිව ගියේය.

ඔහු නොසන්සුන් විය. නොඉවසිලිමත් විය. ඔහු එය අද කළ යුතුමයි.

Zhan අනෙකාගේ කාමරේ වෙත කෙලින්ම දිව්වේය. නමුත් ඔහුට වැඩි දුරක් යාමට සිදුවූයේ නැත. අනෙක් පුද්ගලයා දැනටමත් කොරිඩෝ එක සිට බලා සිටින්නේය.

" Zhange .... ඔයා කොහෙද හිටියේ??? මම බය උනා නේ.. " Yibo පැවසුවේ ඔහු වෙත දුවමින් ය.

දෙපැත්තෙන් දුව ආ දෙදෙනා කොරිඩෝ එක මැද හමුවූයේ ය.

Zhan හති දමමින් සිටියේ ය. නමුත් වචන කිහිපයක් එකතු කර ගැනීමට ඔහුට හැකිවිය.

" මම Ziyiගෙ ගෙදර හිටියේ. "

" එහෙනම් මට කතා කරලා කියන්න එපැයි . නැත්තං මම ගද්දී ෆෝන් එක උත්සන්න එපැයි. " Yibo තරවටු කළේය.

" ආ... සොරි. බැටරි බැහැලා තිබුණේ. Yibo, මේ අහන්නකො. මට ඔයාට කියන්න දෙයක් තියෙනවා. "

නමුත් Yibo බලා සිටියේ Zhan දෙස නොවේ. ඔහු බලා සිටියේ Zhanගෙ ඔරලෝසුව දෙසයි.

" දෙයියනේ.. 11.50 ත් වෙලා. මට තව විනාඩි 10 ඉතුරු. මේක දැන්ම කරන්න ඕනේ. මෙතනම ඉන්න Zhange .. කොහෙවත් යන්න එපා.. ඉන්න.. "

මෙසේ කියන ගමන් Yibo ඔහුගේ කාමරය දෙසට දුවන්නට විය.

" ඒත්... ඒත්... මට කියන්න දෙයක් තියනවා නේ... මට.. "

Zhan ට දැනුනේ ඔහුගේ හදවත කොයි වෙලේ හෝ පුපුරා යනු ඇති බවයි. ඉතින් බලන් ඉන්නවා වෙනුවට ඔහු ද Yibo පසුපස දුවන්නට විය.

Yibo වඩා වේගවත් විය. කාමරය ඇතුලට ගිය ඔහු ක්ෂණිකවම නැවත දිව ආවේය. Zhan ද දිව ආවේය.

ඉතින් දෙපැත්තේ සිට දිව ආ දෙදෙනා නැවත එකට හමු විය.

Zhan එය කියන්නයි හදන්නේ...

මගේ business marriage එකTahanan ng mga kuwento. Tumuklas ngayon