පෙරදින සවස හතරට පමණ Xiao , Wang සහ Nie Corperations ගේ සමූහ එකතුව මගින් ගොඩ නැගෙමින් තිබූ වෙළෙඳ සංකීරණ භූමියේ ගොඩනැගිල්ලක් කඩා වැටීය.මේ කඩාවැටීම බලාපොරොත්තු නොවූ ලෙස සිදු වූ අතර ඉතා බයංකර දර්ශනයක් විය. කෙසේ නමුත් කිසිම මනුෂ්‍ය ජීවිතයක් නැතිවී හෝ කිසිම අයෙකුට තුවාල වී තිබුණේ හෝ නැත. භූමියට සහ ඉදි වෙමින් තිබූ අනෙක් ගොඩනැගිලි වලට සිදු වූ හානිය ද අවම විය.
ඊට හේතුව වූයේ Xiao Zhan සහ ඔහුගේ ඕනෑවට වඩා හිතන මනසයි.
මාස කිහිපයකට පෙර Xiao Zhan වෙළඳ සංකීර්ණ ගොඩනැගීම් භූමියේ පාලකයින් වෙනස් කළ විට ඔවුහු ද ඔවුන්ගේ ම වෙනස් කම් කර තිබුණි. අලුතෙන් පත් වූ කම්කරුවන් පැමිණිලි කළේ මේ ගොඩනැගිල්ලේ ආකෘතිය පිළිබඳව ගැටළු ඇති බව පවසමිනි.
ඉතින් භූමියේ පාලකයින් CEO සමග කෙලින්ම කතාබහ කිරීමට ඔවුන්ට ලබාදී තිබු අධිකාරිය භාවිතා කරමින් Xiao Zhan හට මෙය දන්නවා තිබූ විට ඔහු වහාම නියෝග දුන්නේ එහි වැඩ කිරීම නතර කරන ලෙසයි. එසේම සම්පූර්ණ විමර්ශනය කර ගැටළු සොයා ගන්නා ලෙසයි.
මේ කාලයේ දී Xiao Zhan ට පවසා තිබුණේ මේ ගැටලු නිසා කඩා වැටීමක් සිදු වීමේ විය හැකියාව සියයට එකකටත් වඩා අඩු බවයි. කෙසේ නමුත් ඔහුගේ ඕනවට වඩා හිතන මනස ඒ කුඩා ප්‍රතිශතය වත් මග හැරීමට අකමැති විය. ඉතිං අර කුඩා ප්‍රතිශතය වෙනුවෙන් ඔහු අවශ්‍ය තරමටත් වඩා පූර්ව ආරක්ෂිත ක්‍රියාමාර්ග ගෙන තිබුණි.
මේ අමතර පූර්ව ආරක්ෂිත ක්‍රියාමාර්ග අවසානයේ දී මනුෂ්‍ය ජීවිත රැසක් රැක ගැනීමට හේතු විය.
ඇඳ මත වාඩි වී සිටි Yibo තම ජංගම දුරකතනයේ අතේ තබාගෙන ඒ දෙස නොඉවසිලිමත් ව බලා සිටියේ ඇමතුමක් හෝ කෙටි පණිවිඩයක් එනතුරුයි. ඔහුගේ හිත ඇතුලේ එකම ප්රශ්නය සැරෙන් සැරේ ශබ්ද නගන්නට විය.
" ඔහු හොඳින් ඇති නේද? "
තම දුරකථන තීරයට තට්ටු කල Yibo messaging app එක විවෘත කළේය. එදින දහ වෙනි වතාවටත් ඔහු ඒ පණිවිඩය ආයෙත් කියෙව්වේ ඔහුට මග හැරුන දෙයක් තිබේ දැයි බැලීමටයි. නමුත් දෙයක් මඟ හැරීමට තරම් ඒ පණිවිඩය දිග වූයේ නැත.
YOU ARE READING
මගේ business marriage එක
Fanfictionවිසි අටයි... විසි දෙකයි.. එතකොට තමා ඒගොල්ලො හමු වුනේ. විවාහය නිසා බලෙන් එකට එකතු කලා. නමුත් ආදරය නිසා දෙන්නා එක් කෙනෙක් වුණා. ලෝකයේ හැමදාම අන්දකාරයෙ තිබෙනවා. ඉතින් ඒ දෙන්නා වටාත් අන්ධකාරය තිබෙනවා. ඔවුන් ගිල ගැනීමට සූදානම් වූ ඒ අන්ධකාරය.. ඔවුන් එය සම...