Chapter 3 - ප්‍රශ්නයක්

1.3K 229 46
                                    


Yibo අදත් කෑම මේසේ ඉඳගෙන බලා සිටියේ ඒ වැඩිහිටි තරුණයා එනතුරුය. මේ දිනවල ඒ උස තරුණයා වේලාසනින් නිවසට පැමිණි අතර ප්‍රමාද වී ඔෆිස් එකට ගියේ ය. එසේම ඔහු අලුත් පුරුද්දක් ඇති කර ගෙන තිබුණි.

රාත්‍රී කෑම වේල යෙදී වේලේ දී ඔහු Yibo සහ Nut එදින කළේ මොනවාදැයි අසන අතර උදෑසන ආහාරය දී දී එදින ඔවුන් කරන්නේ මොනවාද යැයි අසයි. මේ ප්‍රශ්න මුලදී Yibo ව අපහසුතාවයට පත් කළේ ඔහුගේ පිළිතුරු නිවැරැදි නොවනු ඇතැයි සිතූ නිසයි. නමුත් පසුව ඔහුට වැටහුණේ ඔහු කුමන පිළිතුරක් දුන්නද ඒ තරුණයා සිනාමුසු මුහුණකින් හිස වනමින් අසා සිටින බවයි.

ඒ උස තරුණයාගේ මේ හැසිරීම නිසා Yibo ද ඔහු එනතුරු නොඉවසිල්ලෙන් බලා සිටීමට සිටිමට පටන්ගෙන තිබුණි. සිනහවක් පාමින් පැමිණි කෑම මේසේ ඉඳගෙන ආහාර ගැනීමට පටන් ගත්තේය ඒ අතරතුර ම දෙස හොරෙන් බැලීමට ද ඔහු අමතක නොකළේ ය ඔහු තවමත් ඔහුගේ වයසේ පිරිමියෙකුට වඩා අඩුවෙන් ආහාර ගන්නේය.

Zhan ට අද පැවසීමට තවත් දෙයක් තිබුනි.

" Nut ගෙ අයිතිකාරයට දැන් එයාව බලාගන්න පුළුවන්. මම අනිද්දා ට එයාව අරං යන්න ඕනි. " යැයි පැවසූ Zhan Yibo දෙස බැලුවේය.

මේ ඇසූ Yibo හට ආහාර රුචිය ද නැති විය. එය දුටු Zhan හනික ඇසුවේය,

" ඔයා හොඳින්ද?. මං දන්න ඔයා Nut ට ගොඩක් කැමතියි කියලා. "

මෙවන් ප්‍රශ්නයක් බලාපොරොත්තු නොවූ Yibo ඔහු දෙස මද වේලාවක් මවිතයෙන් බලා සිටියේය.

" මම හොඳින් " Yibo පිළිතුරු දුන්නේ ය.

මේ පිළිතුර Zhan ට නම් ප්‍රමාණවත් නො විය.

"අපි ඉතිං එයා ආයේ හම්බෙන්නෙ නෑ වගේ නෙමෙයිනේ. මම ඔය යාලුවෝ හොඳම අදුනනවා. අපි ආයේ යමු එයා බලන්න."

තමා පැවසූ ඒ වදන්වලින් ඔහුම මවිතයට ද මදක් ලැජ්ජාවට පත්විය. ඒ නිසයි ඔහු Yibo හැර කාමරයේ තිබූ සෑම දේ දෙසම හැරි හැරී බලන්නට වූයේ. එම නිසයි ඔහු නොදුටුවේ Yibo ඔහුගේ මුහුණ දෙස ද මවිතයෙන් බලා සිටින බව.

Zhan මේ දිනවල ඉතා මහන්සිවී ඔෆිස් එකේදි වැඩ කළේය. ඇත්තෙන්ම ඔහු කවදත් මහන්සිය වැඩ කරයි. අත්වැරදි වනවාට බිය වූ අයෙක් වූ නිසා ඔහු පුරුදු වී සිටියේ තමාගේ වැඩ නැවත නැවතත් පරික්ෂා කිරීමටයි. ඇත්තෙන්ම Xiao Corporation වැනි විශාල බිස්නස් එකක් කරන කෙනෙක් වූ විට නැවතත් පරික්ෂා කිරීම ඉතා අවශ්‍යයි. නමුත් ඔහු ඕනෑවට වඩා වැඩි වේලාවක් ගත කළේ ඔහුගේ මේ පරික්ෂා කිරීම් වලටයි.

මගේ business marriage එකWhere stories live. Discover now