Chapter 70 - වික්‍රමය 3 කොටස - ලැජ්ජාබර රාත්‍රිය

380 92 37
                                    


ඒ සියල්ල ආරම්භ වුණේ එක වීදුරුවක් සමගයි. ඒක වීදුරුවක මත්පැන් පානය කරමින් සිටි ඔවුන් මත් නොවී වැඩිපුරම මත්පැන් පානය කළ හැක්කේ කාට දැයි කියා බහින්බස් වෙන්න පටන් ගත්තේ අහඹුවෙන්මයි. තනි තීරණයකට ඒමට නොහැකි වූ නිසා අවසානයේ ඔවුන් තීරණය කළේ තරගයක් පැවැත්වීමටයි.

මේ තරගයේ නිති රීති ඉතා සරලය. ඔවුන් අඛණ්ඩව මත්පැන් පානය කරන අතර කවුරුන් හෝ මුලින්ම වෙරි වූ වහාම තරගය නතර වෙනු ඇත. සිහියෙන් සිටින තැනැත්තා ජයග්‍රාහකයා වන අතර සියල්ල නවත්වා අනෙකා රැගෙන ඔහු නිවසට යා යුතුයි.

මේ නීති රීති වල තිබූ අඩුපාඩුව වූයේ දෙදෙනාටම එකම මොහොතේ වෙරි වූවොත් කළ යුතු දේ සඳහන් නොවීමයි.

ඉතින් ඔවුන් දෙදෙනාටම එකම මොහොතේ වෙරි වූ අතර දෙදෙනාටම එය අවබෝධ වූයේ නැත. අඛණ්ඩ ව මත්පැන් පානය කළ ඔව්හු අවසානයේ අවුරුදු පහක දරුවන්ගේ මානසිකත්වය ලබා ගත්තෝය.

මේ මොහොතේ සිට තමයි ඔවුන්ගේ ලැජ්ජා බර රාත්‍රිය උදා වන්න පටන් ගන්නේ..

මෙතැන් සිට තැබෑරුමේ අයිතිකරු ඔවුන්ට තවදුරටත් මත්පැන් විකිණීම ප්‍රතික්ෂේප කළ සිටියේ ඒ අහිංසක මිනිසා මේ බේබද්දන් දෙදෙනාගේ විහිලු වල ප්‍රධාන ඉලක්කයක් වූ නිසයි.

තැබෑරුම ඇතුලේ ඝෝෂා කරන්නට වූ ඔවුන් මේසෙට තඩි බාමින් සිනාසෙන්නට විය. ඒ තැබෑරුම තුළ සිටිනා සියලු දෙනාටම ඔවුහු විහිළු තහළු කළෝය. මේ විහිළු තහළු ඔවුන් මූණට කීවේ නැත. එකිනෙකාගේ කන්වලට හොරෙන් මුමුණුවා පමණි. නමුත් ප්‍රශ්නය වූයේ මොවුන්ගේ හොරෙන් කතාකිරීම ශබ්ද විකාශන යන්ත්‍ර වලටත් වඩා මහ හඬින් සිදුවීමයි.

දෙවියන්ට ස්තූති වන්නට තැබෑරුමේ සිටි සියලු දෙනාම කරුණාවන්ත මෙන්ම ඉවසිලිවන්ත මිනිසුන් විය. ඉතින් මොවුන් දෙදෙනාට කිසිම හානියක් සිදු වූයේ නැත. අඩුම තරමේ ආරම්භයේ දී සිදුවූයේ නැත.

මේ තැබෑරුමේ දිග හිසකේ ද ඝනකම් උඩු රැවුලක් ද තිබුන සද්දන්ත සිරුරක් ද හිමි මිනිසෙක් විය. මේ මිනිසාගේ හිසකේ සහ රැවුල පිළිබඳ මොවුන් දෙදෙනා බහින්බස් වීමක ට යොමු විය.

මගේ business marriage එකWhere stories live. Discover now