නැවතත් තම කාර්යාලයට පැමිණීමෙන් පසු Zhan තම මේසයට නොගොස් සෝෆා එකේ ඉඳ ගත්තේය. තව ෆයිල් එකක් දෙස බැලීම මෙනෙහි කිරීමත් ඔහුට අප්පිරියා වී තිබුණි.Zuocheng සමග හමුවීම ඔහුට එක් පසකින් සහනයක් ද අනෙක් පසෙකින් මහා බරක් ද හිතට දුන්නේය.
Zuocheng Yifeng ට එරෙහිව සාක්ෂි දැනටමත් සොයා ගෙන තිබීම ඔහුගේ හිතට සහනයක් විය. ඒ සාක්ෂි Yifeng ඔවුන්ගේ ජීවිත වලින් ඈත් කර තබා ගැනීමට නිසැකව ම උපකාර වේ.
Zuocheng යනු Zhan විශ්වාස කරන කිහිප දෙනා අතරින් කෙනෙක් වන අතර Zhan ඔහුව තම ජීවිතය සම්බන්ධයෙන් වුවද විශ්වාස කරයි. Zuocheng තම රැකියාව සම්බන්ධයෙන් කොතරම් දක්ෂ ද කොතරම් අධිෂ්ඨානශීලී ද යන්න Zhan හොඳින්ම දනී. Yifeng අල්ලන බව ඔහු දැන් කියා ඇති නිසා ඔහු නිසැකවම එය කරනු ඇත.
ඔහු මෙය ගැන සහනයෙන් සිටිය ද Yifeng මෙවන් මිනිසෙකු යැයි තේරීම ඔහුගේ හිතට මහ බරක් විය. යම් අයෙකුට අකමැති වීම සහ ඔහු ලේ පිපාසිත මිනීමරුවෙකු යන වග දැන ගැනීම සම්පූර්ණයෙන්ම වෙනස් ය.
Zhan ඔහුව හඳුනන්නේ තම මුළු ජීවිත කාලය පුරා සිටයි. ඔහු Yifeng සමග ගතකළ කාලය ඔහු Yibo සමග ගතකළ කාලයටත් වඩා වැඩියි. Yifeng ඔහුගේ කාර්යාලයට ඔහුගේ නිවසට පැමිණ ඇත. එසේම Zhan ට තවදුරටත් ඔවුන්ගේ මාසික හමුවීම් වල දී මේ මිනිසා හමුවී සාමාන්‍ය ව්‍යාපාර හවුල් කරුවෙකු ලෙස ඔහු සමග කතා කළ යුතුයි.
ඊටත් වඩා Yifeng ට වඩා අවුරුදු 16කින් බාල වූ Yibo මේ ගත වුන කාලය පුරාම Yifeng ගෙ පහසුම ඉලක්කය වීම ඔහුට හිසරදයක් ගෙන දුන්නේ ය.
නින්දෙ මදකම සහ බොහෝ වෙහෙස වී සිටීම මේ හිසරදය තවත් දරුණු කළේය. ඉතින් කාර්යාලයෙන් පිට වූ ඔහු නිවස බලා ගියේ මද විවේකයක් ලබා ගැනීමටයි. අද හවස Yibo සමග පාක් එකට යෑමේ අදහස ඔහු වෙනස් කළේ නම් නැත. ඔහුට කොතරම් වෙහෙස වුවත් Yibo ගෙ බලාපොරොත්තු බිඳින්නට ඔහු අකමැති විය.
ඒ අතරතුර Xiao මන්දිරයේ Yibo lesson එකකට සහභාගි වෙමින් සිටින විට තම කාමරයට හනික ඇවිද යන Zhanගෙ රුව දුටුවේ ය. එයත් සමගම ලොකු සිනහවක් ඔහුගේ මුහුණේ පැලපදියම් විය. ඔහුව මෙතරම් ඉක්මනට දකින්න Yibo බලාපොරොත්තු වුනේ නැත.
YOU ARE READING
මගේ business marriage එක
Fanfictionවිසි අටයි... විසි දෙකයි.. එතකොට තමා ඒගොල්ලො හමු වුනේ. විවාහය නිසා බලෙන් එකට එකතු කලා. නමුත් ආදරය නිසා දෙන්නා එක් කෙනෙක් වුණා. ලෝකයේ හැමදාම අන්දකාරයෙ තිබෙනවා. ඉතින් ඒ දෙන්නා වටාත් අන්ධකාරය තිබෙනවා. ඔවුන් ගිල ගැනීමට සූදානම් වූ ඒ අන්ධකාරය.. ඔවුන් එය සම...