" Zhange ,, මේක කාලා බලන්න.. ආ... කියන්න . "මගී අසුන දෙසට හිස හැරවූ Zhan කීකරුව මුඛය විවෘත කලේ එයට දමන්නේ මොනවද වත් නොදැනයි .
ඔවුන් සිටියේ ගෙදරට බොහෝ ඈතින් වූ මාවතකයි. ඔවුන්ගේ ගමනාන්තය වූයේ Yibo ගෙ ආච්චිගෙ නිවසයි .
Yibo ගෙ අමතර dancing classes අවසන් වී තිබූ නිසා ඔවුන් නැවතත් ඉරිදා වල් විවේකයෙන් ගත කළෝය. එසේම මේ ඉරිදා Madam Yu ගෙ සහ Mr. Jiang ගෙ විසි වැනි විවාහ සංවත්සරය නිසා Zhan හිතලම මේ දිනය තෝරා ගත්තේ මීට වසර දෙකකට පමණ පෙර Yibo ට උදව් කර ඔහුව රැකබලා ගත් කාන්තාව බැලීමට යාමටයි.
මේ ගම්මානයට යාමට පැය ගණනාවක් ගත වුණද මේ ගමන ද ඔවුන්ට එකට කාලය ගත කළ හැකි road trip එකක් කර ගැනීමේ අරමුණින් Zhan ම රථය ධාවනය කළේය.
පෙරදිනයේ Yibo දවස ම ගත කළේ ගමනට හොඳම ඇඳුම තෝරමින් ය. අල්මාරියෙ තිබූ ඇඳුම් ඔක්කොම ඇඳ උඩට හලාගත් ඔහු ඇඳුම් හතර වටේ විසි කරමින් සුදුසු ඇඳුමක් තෝරන්නට විය.
මුළු දවසම ගත වුණත් Yibo ඇඳුමක් සොයාගෙන තිබුණේ නැති අතර ඊළඟට ඔහු " අඳින්න එකක් නෑ... " කියා නාහෙන් ඇඬිල්ල ආරම්භ කළේය. ඉතින් මේ ගැටළුවට අත දැමූ Madam Yu විනාඩි පහක් යන්නට මත්තෙන් සුදුසු ඇඳුමක් සොයා දීමට සමත් විය.
ඊළඟට Yibo කාර් එකේ යන අතරතුර කන්න හොඳම snacks ජාතිය තෝරන්නට විය. එහිදී ද ද ඔහුට තෝරා ගැනීමක් කරගත නොහැකි වූ විට මෙවර මේ ගැටළුවට අත දැමුවේ Mr. Jiang ය. එක එක ජාතියේ snacks වර්ගවලින් පිටුපස ආසනය ම පිරවූ ඔහු ඕන වෙලාවක ඕන එකක් කන ලෙස Yibo ට පැවසුවේය.
ඉතින් උදෑසනම snacks පිරවූ කාර් එකකින් ඔවුන් ගමන් ආරම්භ කළෝය.
දහවලට පෙර ඔවුන්ට කඩේ සොයා ගැනීමට හැකියාවක් තිබුණි. නමුත් Yibo ගෙ දිශාව පැවසීමේ වූ විශාලතම දුර්වලතාව නිසා කඩේට ආසන්න වන විට දහවල් ද හමාර වෙමින් තිබුණි.
ඔවුන් ඉදිරියේ තවදුරටත් තිබුණේ පුංචි කඩයක් නං නෙවෙයි. එය තරමක් විශාල ආපනශාලාවකි.
" Bo, ඔයා කිව්ව නේද ඒක පොඩි කඩයක් කියලා?. " Zhan ඇසූවේ සීට් බෙල්ට් ගලවමිනි.
මේ වන විටත් කාර් රථයෙන් එළියට පැන සිටී Yibo ප්රීතියෙන් කෑගසන්නට විය,
YOU ARE READING
මගේ business marriage එක
Fanfictionවිසි අටයි... විසි දෙකයි.. එතකොට තමා ඒගොල්ලො හමු වුනේ. විවාහය නිසා බලෙන් එකට එකතු කලා. නමුත් ආදරය නිසා දෙන්නා එක් කෙනෙක් වුණා. ලෝකයේ හැමදාම අන්දකාරයෙ තිබෙනවා. ඉතින් ඒ දෙන්නා වටාත් අන්ධකාරය තිබෙනවා. ඔවුන් ගිල ගැනීමට සූදානම් වූ ඒ අන්ධකාරය.. ඔවුන් එය සම...