Chapter 18 - තරගකරුවෙක්

832 181 46
                                    


Zhan සාලයේ එහාට මෙහාට ඇවිදිමින් සිටියේය. ඔහු ඔහුගේ ඇඟිලි තුඩු දැනටමත් අවුල් වී තිබූ හිසකෙස් තුළින් ඇද ගියේය. ඔහුගේ ඉහෙන් කනෙන් දාඩිය පෙරෙන්නට විය. ඔහු ඔහුගේ ටයි එක බුරුල් කර තිබුනත් තවමත් උණුසුම් ය. ඉතින් ඔහු තම කමිසයේ බොත්තන් කීපයක්ද ගැල වූයේ ය.

Zhan දැන් ජීවත් වන අවුල් ජාලාවකි.

ඔහු මුළුතැන්ගෙය දෙසට අඩි කිහිපයක් ගමන් කළේය. ඉන්පසුව නතර වී ආපසු පැමිණියේය.
ඔහු ඉදිරි දොර වෙතට අඩි කිහිපයක් ගමන් කළේය. ඉන්පසුව නතර වී ආපසු පැමිණියේය.
ඔහු තම කාමරය වෙතට අඩි කිහිපයක් ගමන් කළේය. ඉන්පසුව නතර වී ආපසු පැමිණියේය.

Zhanට දැන් ඉතා සරලම දේවල්වත් කර ගැනීමට බැරිය. ඔහුගේ මොළය නිසි පරිදි ක්‍රියා කළේ නැත.

මේ බුද්ධිමත් මිනිසාව කන්ණාඩිය තුළින් දකින තමාගේම ප්‍රතිරූපය සමග තරහ වී සිටින පූස් පැටියකු සේ අන්දුන්කුන්දුන් වූ මානසික තත්ත්වයකට ඇද දමා ඇත්තේ කුමක්ද?

ඒ ඔහු Wang Yifeng ව ප්‍රතික්ෂේප කොට, ඔහුගේ හිත රිදවා ඇති නිසා Wang Corperation එක Xiao Corperation එකට එරෙහිව ක්‍රියා කිරීමට ඉඩ ඇති වීම ද?
එහෙමත් නැත්නම්..
ඒ ඔහුගේ හොඳම මිතුරා සේම දක්ෂ පොලිස් නිලධාරියෙක් වන දැන් හරි නම් රහසිගත රාජකාරියක යෙදිය සිටිය යුතු Zuocheng Yifeng ගෙ රියදුරා ලෙස වැඩ කිරීම ද?

අනේ නැහැ.. ඒ කිසිවක් නෙවෙයි .

ඒ ... ඔහු කැමැති වුණ තරුණයා, ඔහු ආදරය කළ තරුණයා, ඔහුට පුළුවන් තරම් කල් තමා ලගම තබා ගැනීමට වුවමනා වූ තරුණයා ... ඔහුගේ කොපුල මත හාදුවක් තබා සුන්දර සිනහවක් පා ඔහු ඒ කළේ ඉතාම සාමාන්‍ය දෙයක් මෙන් කිසිම ගානක් නැතිව තම කාමරයට ඇවිද යාමයි.

" Zhange, එන්නකෝ... මට මේක තනියම කරන්න බෑ.. "

Yibo සාලයට ඇවිද ආවේ first aid box එකක් අතැතිවයි. ඔහුගේ හිස දිගේ බේරී ගොස් ඔහුගේ අත් දිග කමිස වෙතට ගලා ආ වතුර බිඳු ඔප්පු කළේ ඔහු මේ දැන් නා ගෙන ඇවිත් ඇති බවයි.

Zhan Yibo දෙස බලා සිටියේ ඉතා සෙමින් ඇහි පිල්ලම් ගසමිනි.

එයා මෙතන මේ පිස්සු හැදෙන්න ඔන්න මෙන්න. හැබැයි ඒක කරපු කෙනා නම් කිසි ප්‍රශ්නයක් නෑ.

මගේ business marriage එකWhere stories live. Discover now