දොරට තට්ටු කරන හඬට Xiao Zhan අවදි වන විට දහවලත් උදාවි තිබුණේය. ඔහු සමගම නිදා සිටි අනෙක් දෙදෙනාගේ හිස අත ගෑ ඔහු තව නිදා ගන්නට කිව්වේ ය.දොර දෙසට ඇවිද ඒ විවෘත කළ විට අනිත් පැත්තේ සිටගෙන සිටියේ Madam Yu ය.
" Madam Yu, ඇයි ? " නිදිමත නිසා ගොරෝසු වී තිබූ කටහඬකින් Zhan ඇසුවේය.
" පොඩි මහත්තයා, ඔයාව හම්බෙන්න කෙනෙක් ඇවිත්. ගේට්ටුව ළඟ ඉන්නවා. "
" මේ වෙලාවේ? ගාර්ඩ්ලාට කියන්න නම අහන්න කියලා. "
" මම කිව්වා. Haoxuan කියලයි කිව්වේ. "
" අහ්.. හරි.. ඇතුලට එන්න දෙන්න කියන්න. "
මෙය කලින් සැලසුම් කර තිබූ හමු වීමක් නොවේ. හදිසියෙන් ම මෙහි පැමිණීමට හේතුව කල්පනා කරමින් තම නිදන කාමරයට ගිය Zhan සුදුසු ඇඳුමක් ඇඳ ගන්නට විය.
Zhan සාලයට වී බලා සිටින විට,
" මොකක්ද මේක? මාලිගාවක් ද? ඇයි security එක මෙච්චර තද? " Haoxuan ඇතුලට ඇවිද ආවේය.
ඔහුගේ ප්රශ්නය නොසලකා හැරිය Zhan ඔහු ඉදිරියේ වූ පුටුවකට අත දික් කළේය.
" ඉඳගන්න. ඇයි ඔයා මෙහෙ? මොකක් හරි හොයා ගත්තා ද? " සියලු උපචාරයන් මඟ හරිමින් Zhan ඇසුවේය.
" හරියටම කිව්වොත් ඔව් මම හොයාගත්තා. හැබැයි ඔයා මම... "
Haoxuan තව කියන්නද පෙර නිදිමතින් වූ කටහඬක් කොරිඩෝ එක පැත්තෙන් ඇසෙන්නට විය.
" Zhange .... "
රෝස පාට බෙල්ලටම දිග් වූ කමිසයක් ඇඳ සිටි Yibo සාලයට පැමිණියේය.
" මම මෙහේ.. " Zhan මෘදු හඬකින් පිළිතුරු දුන්නේය.
කෙසේ නමුත් ඒ කටහඬ ක්ෂණිකව රළු වූයේ කපටි සිනහවක් මුහුණේ ඇඳගත් Haoxuan Yibo දෙස බලන වග දුටු විටයි.
" කොහෙද බලන්නේ? "
අනතුරු ඇඟවීම පැහැදිලිවම එහි අන්තර්ගත විය.
" අම්මෝ.. හරි හරි.. බැලුවා විතරයි. මුකුත් කළේ නෑ. බැලුවා විතරයි.
මෙයා මෙතන හිටියට කමක් නැද්ද?. ඔයා දන්නවනේ අපි මොනවා ගැනද කතා කරන්න යන්නේ කියලා "

KAMU SEDANG MEMBACA
මගේ business marriage එක
Fiksi Penggemarවිසි අටයි... විසි දෙකයි.. එතකොට තමා ඒගොල්ලො හමු වුනේ. විවාහය නිසා බලෙන් එකට එකතු කලා. නමුත් ආදරය නිසා දෙන්නා එක් කෙනෙක් වුණා. ලෝකයේ හැමදාම අන්දකාරයෙ තිබෙනවා. ඉතින් ඒ දෙන්නා වටාත් අන්ධකාරය තිබෙනවා. ඔවුන් ගිල ගැනීමට සූදානම් වූ ඒ අන්ධකාරය.. ඔවුන් එය සම...