හිරු එළිය ජනේලයෙන් කාමරය ඇතුලට එන විට Yibo ඇස් පොඩි කර කරම අවදි වුනේය. ඔහු සිටියේ හාවන් දෙදෙනකුට මැදි වී බව ඔහු දුටුවේය. ඔහුට ඉදිරියෙන් වූයේ පුළුල් පුරෝපු හාවෙකි. ඔහුට පිටුපසින් වූයේ මනුෂ්‍ය හාවෙකි.ඔවුහු තිදෙනාම පැත්තට හැරී නිදාගෙන සිටියෝය. Zhanගෙ එක අතක් තරුණයාට ද සෙල්ලම් හාවාට ද කොට්ටයක් සේ ක්‍රියා කළේය. අනෙක් අත Yibo ගෙ බඳ පසුකොට ගොස් හාවාගේ බඳ වටා එතී තිබුණි.
Yibo සිටියේ සුන්දර කූඩුවකයි.
තමන්ගේ මනුෂ්‍ය හාවා වෙත හැරීමට ඕනෑම වුන Yibo ට Zhanගෙ අත් බුරුල් කර ගැනීමට යම් වේලාවක් ගත විය.
ඔහු ඒ සුන්දර මනුෂ්‍ය හාවා ගේ මුහුණ දෙස බලා සිටින විට ඔහුට හදිසියේම ලොකු අවශ්‍යතාවක් ඇති වුනි. මේ දිනවල ඔහු දවස ගානේ කරන දෙයක් කිරීමට අවශ්‍යතාවක් ..
එයාගෙ මනුෂ්‍ය හාවා ව හුරතල් කිරීමට අවශ්‍යතාවක්...
Yibo ගෙ අත ඔහුගේ හිස මත මෘදුව පතිත විය. එතනින් පටන් ගෙන පහළට ගමන් ඇරඹී එය බෙල්ල දිගේ ද ගොස් පිට දක්වාම ගමන් කළේය. තාලයකට ගමන් කළේය.
මේ දිනවල පළමුව අවදිවූයේ Yibo ය. Zhan පරක්කු වන තුරුම නිදාගන්නේය. මොනවා හරි දෙයක් එයාගෙ Zhange ව මහ රෑ වෙනතුරු අවදියෙන් තියාගෙන ඉන්නවද කියා නොසිතා සිටීමට ඔහුට බැරිවිය.
මේ හුරතල් කිරීමට බොහෝ කැමති වී සිටි මේ මිනිසා ගේ සාමකාමී මුහුණ දෙස Yibo බලා සිටියේය. නින්දෙන්ම සිනාසුණ ඒ මිනිසා ළදරුවෙකු සේ නැලවෙන්නට විය. එය දකින විට නම් Yibo සිනහව මැඬ පවත්වා ගත්තේ බොහෝ අමාරුවෙනි.
Yibo මදකට ඒ හුරතල් කිරීම නතර කළේය. නතර කර කාමරය දෙස බැලුවේය. ඔහුගේ කාමරය... ඔවුන්ගේ කාමරය..
Zhan සමග රාත්‍රිය ගත කිරීමට මේ කාමරයට ඒම Yibo පටන් ගත්තේ මීට මාස කීපයකට පෙර සිටයි. තනිව නිදා ගන්නවාට වඩා ඒ පපුවට තුරුලු වී නිදා ගැනීමට ඔහු ප්‍රිය කළේය.
ඊටත් මසකට පසුව Yibo Zhanගෙ අල්මාරියෙන් බාගයක්ම අයිතිකර ගත්තේය. කාගෙවත් අවසර ඉල්ලන්නේ බලන්නේ නැතිව අල්මාරියෙ එයාගේ ඇඳුම් තැබීමට පැත්තක් වෙන් කර ගත්තේය.
YOU ARE READING
මගේ business marriage එක
Fanfictionවිසි අටයි... විසි දෙකයි.. එතකොට තමා ඒගොල්ලො හමු වුනේ. විවාහය නිසා බලෙන් එකට එකතු කලා. නමුත් ආදරය නිසා දෙන්නා එක් කෙනෙක් වුණා. ලෝකයේ හැමදාම අන්දකාරයෙ තිබෙනවා. ඉතින් ඒ දෙන්නා වටාත් අන්ධකාරය තිබෙනවා. ඔවුන් ගිල ගැනීමට සූදානම් වූ ඒ අන්ධකාරය.. ඔවුන් එය සම...