හැමදාම කියන්නේ හැමදාම. අවසානයේදී එය සත්‍ය වී ඇත. කායික ප්‍රාණවත් බවින් සපිරි තරුණ බොළද පිරිමින් සේ ක්‍රියා කරමින් ඔවුන්ට ලැබුණු සෑම විවේක කාලයක් ම ගත කළේ ඔවුන්ගේ යහන මත එකිනෙකාට තුරුළු වී අවසානයේදි ඔවුන්ව මරලා සේ මහන්සි කළද බොහෝ තෘප්තිමත් කළ ද වෙනස්ම ගන්නේ නර්තනයක් නැටීමටයි.ඒ සුවිශේෂී නර්තනයට පසු දෙදෙනාම කපපු කෙහෙල් කඳක් සේ වැටී නිදා ගන්නා අතර මුලින්ම අවදි වන්නේ Zhan ය. ඔහු ගැන කියනවා නම් ඔහුගෙ ප්‍රියතම රාජකාරියේ තව කොටසක් ඉතිරි වී ඇත. එය නම් තම සුන්දර වූ ද නිරුවත් වු ද ආදරවන්තයා නිදි යහනේ සැතපී සිටිනා ආකාරය වින්දනය කිරීමයි.
පැත්තට ඇලවී සිටින Zhan වැලමිට කොට්ටය මත තබා ගෙන මුහුණ අල්ල මත රඳවා ගන්නේ ය. ඔහුගේ නිරුවත් ආදරවන්තයා අතකට දුරින් සාමකාමී නින්දක සිටින්නේය. ඔහුට බාධා කිරීමට නරක සිහින නැත. ඒවා තවත් එන්නේ නැත. ඒ සියලුම නරක සිහින අසරණයන් බේරා ගන්නා Yibo වීරයාගේ වික්‍රමයන් බවට පරිවර්තනය වී ඇත.
අඩුම තරමේ Zhan එසේ සිතුවේ ය.
Yibo අවදි වන විට සිහින වල සිදු වූ සෑම දේම ඔහුට අමතක වී තිබුණේය. එයට දෙවියන්ට ස්තුති වේවා..!
මන්ද Zhan දැනගත්තා නම් , මේ සිහින වල Yibo නපූරු මිනිසුන් සමග සටන් වදින සුදු අශ්වයෙක් පිට නැගගත් නයිට්වරයෙක් වුවත් ඔහු බේරා ගනු ලැබුවේ අසරණ මිනිසුන් නොව Xiao Zhan නම් ලත් කරදරයට පත් ළමිස්සියක් බව , Zhan බොහෝ අමනාප වන්නට තිබුණි.Zhan ඔහුගේ ආදර වන්තයා දෙස බලා සිටි මේ හෝරාව පුරාම ඔහු Zhanගෙ සිරුර පසුකර පස් පාරක් රෝල් වී තිබූ අතර දෙපාරක් ඇඳෙන් වැටෙන්න ගියේය. දැන් නං ඔහු කිසිම චලනයක් නොදක්වන්නේය. නමුත් සිනාසෙන්නේ ය. ඇඹරෙන්නේ ය. නැලවෙන්නේ ය.
Zhan ට තම සිනහව තද කර ගැනීමට තොල් හපා ගැනීමට සිදුවිය.
නමුත් ඊළඟ මොහොතේ දි Zhan ගෙ ඕනාවට වඩා හිතන මනස කල්පනා කරන්නට වූයේ Yibo කා සමග ද මෙතරම් සිනාසෙන්නේ කියලයි. එය Zhanගෙ නළල රැළි කළ අතර Yibo තොල් උල් කරගෙන කාව හෝ සිහිනෙන් සිප ගත් විට Zhan අතින් හිසකේ අදින්න වූයේ ලොකු පීඩනයකිනි.
ආහ්.. Xiao Zhan බොහෝ කෝප වී ඇත.

YOU ARE READING
මගේ business marriage එක
Fanfictionවිසි අටයි... විසි දෙකයි.. එතකොට තමා ඒගොල්ලො හමු වුනේ. විවාහය නිසා බලෙන් එකට එකතු කලා. නමුත් ආදරය නිසා දෙන්නා එක් කෙනෙක් වුණා. ලෝකයේ හැමදාම අන්දකාරයෙ තිබෙනවා. ඉතින් ඒ දෙන්නා වටාත් අන්ධකාරය තිබෙනවා. ඔවුන් ගිල ගැනීමට සූදානම් වූ ඒ අන්ධකාරය.. ඔවුන් එය සම...