Chapter 21 - අලුත් මෙහෙයුමක්

765 179 41
                                    


Yibo Xiao මන්දිරයේ ආරක්ෂිතයින්ගෙ ප්‍රධානියා වන Song Jiang සමග කාර් රථයේ ඉදගෙන සිටියේය. ඔවුන් මේ ගමන් කරන්නේ රෝහල වෙතටයි. Zhan ඔවුන් එනතුරු එහි බලා සිටිනු ඇත. මේ Yibo Therapy session එකකට සහභාගි වන පළමු වැනි දිනයයි.

මේ දවස් වල නම් Yibo නපුරු සිහින දකින්නේ කලාතුරකිනි. නමුත් ඒවායෙන් නැවත පීඩා විඳීමට ඔහුට ඕනෑ වුණේ නැත. ඉතින් Zhan මේ අදහස යෝජනා කළ විට Zhanව විශ්වාස කර මෙය කර බලන්නට ඔහු තීරණය කළේය. හැබැයි Zhan ඔහු සමග සිටීම ඔහුගේ කොන්දේසියයි.

Zhan මේ දිනවල බොහෝ කාර්යබහුල බැවින් Yibo රැගෙන යාමට නිවසට ඒමට ඔහුට නොහැකි විය. ඉතින් ඒ වෙනුවට ඔහු Song Jiang ට Yibo රැගෙන එන ලෙස පැවසුවේය.

කාර් රථය car park එකේ නතර වූ වහාම එයින් එළියට පැනගත් Yibo තම කරේ එල්ලා ගත් බෑග් එක ද ඇතිව ඉදිරියට දිවුවෙ එහි සිටි Zhan වෙතටයි.

" Zhange.... "

සුපුරුදු කෑගැසීම ඇසෙන විට සුපුරුදු ලෙසම Zhanගෙ මුහුණ ආලෝකමත් විය. Zhan හිස ඔසවා ඔහු දෙස බලන විට ඔහු Zhan වෙතට පැමිණ අතේ එල්ලී ද අවසන් ය. ඔහුට සිනහවක් පෑ Zhan Song Jiang වෙතට හැරී ය.

" Thank you Jiang "

පිළිතුරු ලෙස මඳ සිනහවක් පෑ Song Jiang හිස නමා ආචාර කළේය.

" Jiang ge, ඔයා ගෙදර යන්න. මේක ඉවර වෙලා මම Zhange එක්ක එයාගේ office එකට ගිහින් රෑට එයා එක්කම එන්නම්.. " Yibo Song Jiangට පැවසුවේය.

" මොකක්ද? ඔයා මාත් එක්ක එනවා?? " Zhan ඇසුවේය.

" අනේ Zhange.. මම කරදර කරන්නෙ නෑ... මේ.. මම home work අරගෙන ආවේ.. " Yibo තම කරේ තිබූ බෑග් එක වෙතට අත් දික් කර නාහෙන් ඇඬිල්ල පටන් ගත්තේය..

" අනේ Zhange .. අනේ..... please.. pleeeeeeeease...... " Yibo පපී ඇස් වලින් බලමින් ආයාචනා කළේය.

Zhan කියලා මොනව කරන්නද? සුසුමක් හෙලලා ඔහු පරාජය භාර ගත්තේය..

" ඔයා ගෙදර යන්න Jiang. මම මෙයාව එක්කන් එන්නම්. " Zhan Jiang ට පැවසුවේය.

Zhan ඊළඟ පැය ගතකළේ වෛද්‍යවරියගේ කාමරය ඉදිරියේ ඉදගෙනයි. ඔවුන් අද බරපතළ දෙයක් කතා නොකරන බව දන්නා හෙයින් ඔහු වද වුනේ නැත. අද සිදුවන්නේ Yibo තවත් විවෘත ව කතා කිරීමට පොළඹවා ගැනීමයි.

මගේ business marriage එකWhere stories live. Discover now