Chapter 34 - සිප ගැනීමෙන් අනතුරුව

788 157 24
                                    

ඒ අළුයම ද? රාත්‍රිය ද? ඒ ගොල්ල දන්නෙත් නෑ. දැනගන්න ඕනෙත් නෑ . ඔවුනට කාලය නතර වී තිබුණි. ඔවුන්ගේම ලෝකයක තනි වී සිටී..

ඒ දීර්ඝ සිප ගැනීම අතරතුර Yibo තම දෑත් Zhan ගෙ බෙල්ල වටා පටලවා ගෙන තිබුණි. ඔවුන් දෙදෙනා අතරට කුමකට හෝ පැමිණිය නොහැකි වන සේ Zhan Yiboව තම සිරුරට තද කරගෙන තිබුණි.

Zhanගෙ තොල් පෙති Yiboගෙ තොල් පෙති අල්ලා ගත්තේ ඒවායින් වෙන්වීම කළ නොහැක්කක් මෙනි. Zhanගෙ තොල් පෙති වල චලන වලින් පාඩම් ඉගෙන ගත් Yiboගෙ තොල් පෙති ඒ පාඩම් ක්‍රියාවට නගන්නට විය.

ඔවුහු ඒ සිප ගැනීමේ අතරමං වී සිටියෝය. පියවරින් පියවරට ඔවුනට තව තවත් අවශ්‍ය විය. පියවරින් පියවරට නතර කිරිම කළ නොහැක්කක් විය.

ඔවුනට හුස්ම ගැනීමට අවශ්‍ය වූයේ නැතිනම් ඔවුන් ඇත්තටම නතර කරන්නේ නැත.

ඒ තොල් පෙති එකිනෙකාගෙන් ඉවත් වූ පසුවත් ඔවුන් දෙදෙනා මැරතන් එකක් දිව්වා සේ හති දමන්නට වූයේ තාමත් දෙදෙනාවම අත් හරින්නේ නැතිවයි.

නලලට නළල තබා ගන්නමින් ඔවුන් දෙදෙනා එතනම රැඳිය. Yibo කොතරම් හයියෙන් හති දමන්නේ දැයි ඇසුනු Zhan දෑස් පියාගෙන දිව්‍යමය සිනාවක් පහළ කළේය.

" Yibo.. "

Zhan ඔහුගේ නම කතා කළේය. නමුත් Yibo හිස එසවීමට තරම් නිර්භය වූයේ නැත.

" Yibo... "

Zhan නැවතත් කතා කළේය. Yibo ට හිස ඔසවා බැලීමට සිදු වුණි. නමුත් ඔහු වචනයක් හෝ කිව්වේ නම් නැහැ.

" අපි හෙට date එකකට යමු. "

එක් තත්පරයකට Yibo ඔහුගේ දෑස් දෙස බැලුවේ වහාම ඉවත බලා ගන්නයි.

තත්පර තුනකට පසු ඔහු හිස වනමින් එකඟ විය.

තවත් දිව්‍යමය මද හසරැල්ලක් Zhanගෙ මුහුණේ පහළ වූ අතර Yibo ට එය මඟ හැරුණේ ඔහු බිම බලාගෙන කකුලේ ඇඟිලි ගණන් කරමින් කාර්යබහුල වී සිටි නිසයි.

ඉතිං Zhan ඔහුව තද වැළඳ ගැනීමකට ඇද ගන්නා විට ඒ පැමිණියේ කොහෙන්ද යැයි කියාවත් Yibo නොදත්තේය.

Yiboගෙ උරහිස මත තම හිස තබාගත් Zhan ඔහුගේ හිසකේ තුළ තම මුහුණ ගෙන යන්නට විය. ඇස් දෙක පියාගත් ඔහු දිග හුස්මක් ඇද ගත්තේය. ඊළඟට " ම්ම්ම්ම්.... " යයි ශබ්දයක් නැඟුවේ ලොව රසවත්ම දෙයි සුවඳ බැලුවා සේය.

මගේ business marriage එකحيث تعيش القصص. اكتشف الآن